IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දරුවන්ගේ ඔළු වනසන මොබයිල් ගේම් අවහිර වෙයි?

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජංගම දුරකතනවල ළමයින්ගේ ඔලුව අවුල් වන ක්‍රීඩා(ගේම්) කිහිපයක්  පවතින හෙයින් ඒවා විදුලි සන්දේශ නියාමන කොමිසම හා එක්ව අවහිර කිරීමට පියවර ගන්නැයි  අධ්‍යාපන ඇමැතිවරයාගෙන්  තමා ඉල්ලීමක් කරන බව  සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ  මහතා පාර්ලිමේන්තුවේදී අද (1)පැවැසීය.

ඒවා අවහිර කිරීම ඉතාම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

ජයමහ මහතා මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ  වැය ශීර්ෂය  පිළිබඳ  අයවැය කාරක සභා අවස්ථාවේ  විවාදයේදීය.

ජාතික පාසල් බෝඩ් ලෑල්ලට සීමා නොවිය යුතු බවත් එතනින් එහාට කිසි දෙයක් සිදු නොවන බවත් මන්ත්‍රීවරයා කීවේය.

ජාතික පාසල්වලට සම්පත් ලබා දිය යුතු බවද  ඔහු පැවසුවේය.

ගුරු මාරු නවත්වා ඇතැයි පැවසූ ජයමහ මහතා ගුරු මාරුවීම් කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.

දරුවන් ඇතුළත් කර ගැනීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛත්වයක් හෝ කෝටාවක්  ලබාදිය යුතු බවද හෙතෙම  පැවසුවේය.



අදහස් (1)

දරුවන්ගේ ඔළු වනසන මොබයිල් ගේම් අවහිර වෙයි?

M.c.s.මාරසිංහ Tuesday, 04 January 2022 01:01 AM

සැබවින්ම එය හොඳ යෝජනාවකි. අද අපේ රටේ දරුවන් බහුතරයක් මේ ගේම්වලට යොමුවෙලා. ඔවුන් දෙමාපියන්ට අවනත නොවන තත්වයට පත්වෙලා. ඒ නිසා දරුවන් ඉන් බේරාගැනීමට ඇති හොඳම විසඳුම මෙම මාර්ග අවහිර කිරීම බව මාගේ අදහසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site