IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

(ඩයනා උදයංගනී)
 
දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් ඉදිරි දෙසතියක කාලයේදී පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
සමාජය තුළ දරුවන්ට ඇති ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය කටයුතු ශක්තිමත් කිරීම එහි අරමුණ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
දරුවන් රැක ගැනීම සම්බන්ධයෙන් ඇති අභියෝග පිළිබඳ පුළුල් සමාජ කතිකාවතක් ඇති විය යුතු බව කී ජනාධිපතිවරයා රටේ දරුවන් හොඳ පුරවැසියන් හා රජුන් බවට පත්කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ කළ හැකි සියල්ල ඉටු කරන බව ද ප්‍රකාශ කළේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා ඇති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
 
එම සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (20) පෙරවරුවේ පැවැත්විණි. 
 
කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා මුල්‍යාධාර ප්‍රදානය, තිරසර පාසල් වැඩසටහන යටතේ ජල පහසුකම් හා ජලය බෙදා හැරීමේ නල පද්ධති නොමැති පාසල් වෙත එම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රතිපාදන ලබාදීම, ළමා නිවාස හා රැඳවුම් නිවාස වල අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
 
කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, ලලිත් වනිගරත්න, රංජිත් සෝමවංශ යන මහත්වරු, අධ්‍යාපන නිලධාරීන්, ගුරු මහත්ම මහත්මීහු, පාසල් සිසුහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
(ඡායාරූප -   චතුර එස් .කොඩිකාර )

 



අදහස් (5)

දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

Sathya Wednesday, 20 February 2019 10:49 AM

ජාතික ළමාරක්ෂක අධිකාරිය තියෙන්නේ මොකටද එතකොට. ළමා ආරක්ෂාව එම ආයතනයෙන් සලසන්නේ නැතිද? අරමුදල් පිහිටෙව්වට කමක් නැහැ. තවත් මහජන මුදල් ගිලින ආයතන පිහිටුවන්නේ නැතිව... ගොඩක් ආයතන තමන්ගේ අරමුණු අමතක කරලා දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන එකයි. සේවක සාක්කු තරකර ගැනීමයි විතරයි කරන්නේ...

:       0       38

prabha Wednesday, 20 February 2019 10:54 AM

අරමුදල් කමිටු සහ කොමිෂන් හැර රටට වැඩැති යමක් කරන්න නුවණ පහළ වේවා !!!

:       0       24

sugath Wednesday, 20 February 2019 10:59 AM

හොඳ වැඩක් ! මොකද ඔබ තුමා ගන්නා පියවර ළමා දුෂණ සහ ලිංගික අතවර වලට ? මරණ දඩුවම ඔවුන්ට නැද්ද? එම ළමයි දවස ගානේ මැරි මැරී ඉඅපදෙනවා. දුෂකයෝ අවුරැදු කීපයකින් එළියේ. කිසිමකෙනෙක් මේවා මර්දනයට පියවර ගන්නේ නෑ. කුඩු කාරයොන්ට වගේම දුෂකයන්ටත් මරණ දඩුවම දිය යුතුමයි අන්න එදාට තමයි ළමයි සුරක්ෂිත වෙන්නේ

:       0       36

Nihal Dharmatileke Wednesday, 20 February 2019 11:49 AM

අකිල විරාජ් මැතිතුමා කලේ ඕකයි. සිරිසේන එකේම වෙන නමකින් කරනවා... පුදුම මිනිහෙක්..

:       0       139

ajith Thursday, 21 February 2019 04:20 AM

තවත් හොර ගුහාවක දොර විවර කරන්නයි යන්නේ. කෝප් එකටයි විගනකාධිපතිතුමටයි වැඩ තියෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 877 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site