
(ආනන්ද ඉ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදු කොට දින පහක කාලයක් සැගවී සිටි බව කියන ගුරුවරයා අද (15) උදෑසන නීතීඥ වරයෙකු මාර්ගයෙන් පැමිණ වේයන්ගොඩ පොලීසියට භාර වී ඇත.
වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තාක්ෂණ විෂය හදාරන දරුවෙකුට ඉකුත් 10 වනදා එම පාසැල තුළ දී ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධව ගුරුවරයා අත් අඩංගුවට ගැනීම සඳහා වේයන්ගොඩ පොලීසිය ඔහු සොයමින් සිටියේය.
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා ගෙන ගිය නමුත් ඔහු පදිංචි නිවසින් පැන ගොස් සිටි හෙයින් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි.
මේ අතර මොහු අද (15) උදෑසන 8.10 ට පමණ නීතීඥ වරයෙකු මාර්ගයෙන් පොලීසියට පැමිණ භාර වූ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පැවසීය.
පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් ස්ථානාධිපති වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවාට පහර දුන් ගුරුවරයා පොලීසියට බාර වෙයි
පිටිගල මිලානෝ Wednesday, 15 December 2021 12:19 PM
ලංකාවේ වහල් මතයක් තියෙනවා දරුවන්ව හොදට ගහලා හැදුවේ නැත්නම් හදාගන්න බැහැ කියලා. ඒ නිසා වෙන්න ඇති අද ලංකාවේ නිවට වහල්ලු වැඩි.
කිරි පුතා Wednesday, 15 December 2021 12:21 PM
ඔහු මානසික රෝගයකින් පෙළෙන්නෙක් විය යුතුයි. ගුරු වෘත්තියට කොහෙත්ම සුදුසු නැති කෙනෙක්. කාගේ දරුවත් එකයි. රටේ අනාගතය කියන්නෙ දරුවන්. ඔවුන් රැක ගැනීම සහ දැණුමෙන් පෝෂණය කිරීම ගුරුවරුන්ගේ කාර්යය.