(උපාලි ආනන්ද)
නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ.
නිකවැරටිය කොටවෙහෙර ප්රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියකට මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක සහ දැරියගේ සුළු මව බව කියන කාන්තාවක විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මිත්තණිය මෙම පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබිණි. එහිදී එම පැමිණිලි බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.
මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ, නිකවැරටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී, උප පොලිස් පරීක්ෂිකා ඉමාලි ලක්ෂි හේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා සඳරේඛා අත්තනායක වන මහත්මීන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.. ඔහොම තමයි මේ වගේ අයට කරන්න ඕනෑ.
වහාම ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකර දඬුවම් පැමිණිය යුතුයි.
මේ වගේ කාලකන්නි රජයේ සේවකයන් ගෙදරම යවන්න ඕනෑ.
මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ එකේ.. මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ සැමට එෆ්බී නොතිබෙන්න මෙම දඬුවමවත්, කීයටවත් නොලැබේ. ස්තුතියි සැමට...
ඔය දේ ඔය පොලිසියට විතරක් අදාල නැහැ. ලංකාවේ හැම පොලිසියක්ම ඔය වගේ. නිල ඇඳුමට යටින් තියෙන්න ඕනෑ මනුස්සකම.. කෙනෙකුට ගෞරවය අසරණ කෙනෙක්ට පිහිටවීම ගොඩාක් පොලිස් නිලධාරින් තුළින් පිහිටලා නැහැ. කෙනෙක් පොලිසියට යන්නේ සමහරවිට දරා ගැනීමට අමාරුම වෙලාවේ සාධාරණයක් බලාපොරොත්තුව. ඒ දේ වෙන්න ඕනෑ. ඒ ආයතනය තුළින් වෙන්නේ නැතිනම් සමාජය ගොඩාක් වැරදි කරනවා. මොකද ඒ දේ තමන්ම කිරීමට පෙළඹෙන නිසා. පොලීසිය රජයේ ආයතනය මීට වඩා සමාජය වෙත නම්‍යශීලී ලෙස බලනවා නම් සමාජය ගොඩාක් දුරට වෙනස් වෙයි.
ඉතා හොඳ තීරණයක්. මේ වගේ දේවල්වලින් මිනිස්සුන්ගේ පොලිසිය පිළිබඳ විශ්වාසයක් අත්වෙනවා. මේ නිලධාරින් හරිම කම්මැලි ජාතියක්. එපා වෙනතුරු රස්තියාදු කරලා තමයි පැමිණිල්ල ලියන්නේ. ගෙදරම යවන්න. අපිට මේ වගේ දේවල් පැමිණිලි කරන්න තැනක් නෑ.
රටේ නීතියක් තිබුණට මිනිසුන් නීතියේ පිළිසරණක් පතාගෙන පොලිසියට පොලිසියට ගියාම පොලිසියෙනුත් බැනුම් අහලා තවත් අසරණ වෙලයි ගෙදර එන්න වෙන්නේ. නියපොත්තෙන් කඩන්න තිබිච්ච දේ පොරවෙන් කපන්න වුණාම තමයි පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්නේ...
හොඳයි... වසර 2ක සිරදඬුවම් දෙනවා නම් හොඳයි.
රාජකාරිය පැහැර හැරීම නිසා හිටපු පොලිස්පතිතුමයි, ආරක්ෂක ලේකම්තුමයි තවමත් හිරේ. ඊට නොදෙවෙනි දඬුවමක් මේ දෙන්නටත් දෙන්න ඕනෑ. එතකොට තමයි අනෙක් අයත් මේ වගේ වැරදි නොකර ඉන්නේ. එතකොට ඉබේටම රට දියුණුවෙනවා.
මෙන්න මෙහෙමයි රජයේ විධායක නිලධාරීන් තීරණ ගත යුත්තේ. මේ ආකාරයට රටේ පරිපාලන ක්‍රියාදාමය හැසිරෙනවා නම් බොරු ස්වාධීන නාස්තිකාර කොමිසම් ඕනේම නැහැ.
නිකවැරටිය කොටවෙහෙර ප්රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස පහරදීම් සිද්ධිය වීඩියෝ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 17 හැවිරිදි තරුණයා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දුන්නද ඔහුට ඇප ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. මින් ඉදිරියට මෙවැනි දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ පලකරන විට දෙවරක් සිතිය යුතුයි.
සමහර පොලිසියේ අය කිසි වැඩක් නැහැ. අනිත් අයගේ නමත් කනවා. මේ අය පුනරුත්ථාපනය කළ යුතුයි. රාජකාරියට බදවාගැනිමේදී කරන වරදක්. රන්ජන් ගන්න වෙලාවේ පොලිසියේ ලොක්කෝ රගපානව වගේ. කිසිම වගකීමක් නැහැ.
වැඩ තහනම් කරලා විතරක් මදි..., මම නම් කියන්නේ ඔය ලොකු නෝනලා දෙන්නට, අර මහසෝන් කාලි අම්මලා දෙන්නට කියලා හොඳට පොලු පහර දෙන්න ඕනෑ මදි නොකියන්න.
මේ රජයේ සේවකයන් නොවෙයි යකාගේ සේවිකාවන්.
පොලිසියකට ගිහින් පැමිණිල්ලක් කිරීමට තියෙන අයිතිය නීතියෙන් සහතික කරලා තියෙන්නේ. සමහර පොලීසියේ අය දේශපාලුවන්ගේ කෝල් වලට බයවෙලා පැමිණිලි ලියන්නේ නැහැ. තවත් සමහරු කම්මැලියි. තවත් සමහරුන්ට ලියන්න දන්නේ නැහැ.මෙය ඉතාම හොඳ ආදර්ශයක් වේවා ! පැමිණිලි ලියන්න අකමැති ඔක්කොම පොලිසියේ අය ගෙදර යැවිය යුතුයි. එහෙමත් නැතිනම් පාසල් යැවිය යුතුයි.
වහාම දැඩි ලෙස විනයානුකූලව කටයුතු කළ යුතුය.
කදිමයි. දූෂිත පොලිස් කාරයින් බොහෝදෙනෙක් රටේ ඉන්නවා. මේ වගේ අය අතුගා දමන්න.
මේ වගේ බැලුවද? සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ, රටේම අවධානය යොමුකළ අර තරුණයාට මගේ ප්‍රණාමය...
ග්‍රාමසේවක කියන ගැහැණියගෙන් පගාව අරන්ද දන්නේ නැහැ. මේ වගේ කාලකන්නි නිලධාරිනියන්ට දැඩි දඬුවම් දෙන්නම වෙනවා. නැත්නම් නැවතත් කරන්නේ මේවගේ පහත් වැඩම තමයි...
කළුතර (දකුණ) ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩත් ඔය වගේ. මිනිස්සු රස්තියාදු කරනවා. සමහර නිලධාරිනියන්, අපිව බල්ලට දාලා වැඩ කරන්නේ...
පොලීසියේ පැමිණිලි දාන්න ජාතික මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. ඒකෙන් වැඩිදුර ප්‍රකාශන අවශ්‍යනම් අදාල පොලීසියට යොමු කරන්න. එහෙමත් නැත්නම් වෙනත් ආසන්න පොලිස් ස්ථානයක පැමිණිල්ල සටහන් කරලා අදාල අධිකරණවලට ඉදිරිපත් කරවන්න ක්‍රමයක් හදන්න. මේ ප්‍රශ්නේ ගොඩක් දුරට ඉවරයි. 119 තව ටිකක් වැඩි දියුණු කළානම් හරි. කවදාවත් ගමේ පොලිසියට 100% අපක්ෂපාතීව වැඩ කරන්න අමාරුයි.
මේ දැරිවියගේ ප්‍රශ්නයේදී තවත් පරිවාස නිලධාරියෙක් මේ දැරියට තදබල ලෙස අසාධාරණයක් කර ඇතිබව පුවත්පතකින් දුටිමි. ඔහුටද තදබල දඬුවම් දෙන ලෙස බලධාරීන් කාරුණිකව ඉල්ලා සිටිමි.
පොලීසියේ ගොඩක් ඉන්නේ පගා කාරයෝයි සල්ලාලයෝයි... හොරු රකින්නේ ඒ අය තමයි.. සල්ලි හා බලය තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. රටේ වෙන දේවල් දිහා බලපුවාම පොලිසිය මොනවද කරන්නේ කියලා රටේ මිනිස්සු දන්නවා නමුත් නීතිය කරන්නේ පොඩි අපිට විතරයි.
මරල දාන්න ඕනේ කාලකන්නි
මෙය ඉතා හොඳ දෙයක්... පොලිසියට ගියාම බල්ලන්ට වගේ සලකන්නේ.