(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරියට අතවර කළ බවට අනාවරණය වන සියළු සැකකරුවන් ඔවුන්ගේ තරා තිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද නියෝග කළාය.

එම සැකකරුවන් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් වීමම නිදහස ලබාදීමට හේතුවක් නොවන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය එම කාර්යාංශයට නියම කළාය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද යළි අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.