IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දැරියක් අපයෝජනය කළැයි අයෙක් රිමාන්ඩ්

 
 (ක.ග. කරුණාරත්න)
 
අරලගංවිල පොලිස වසමේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අරලගංවිල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සැප්තැම්බර් මස 04 වැනිදා  දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙස පොලොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඒ අබේවර්ධන මහතා අද(30) නියෝග කළේය.
 
 මෙසේ රිමාන්ට බන්‍ධනාගාර ගතකරන ලද්දේ දෙහිඅත්තකණ්ඩිය,දමනේවෙල,තල්පිටිගම,අංක160 ඒ ලිපිනයේ පදිංචි මාන්න උතුම් මුදියන්සේලාගේ පසිඳු දිල්ෂාන් නැමැති අයෙකි.
 
එම බාල වයස්කාර පාසැල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකර අධිකරණ  වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් ලබා ගැනීම සඳහා රෝහල් ගතකරන ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි.
 
 දැරියගේ මාපියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන බව පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේය.
 
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

දැරියක් අපයෝජනය කළැයි අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site