IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


දියණියට දසවද දුන් නැන්දා රිමාන්ඩ්:පියාට ඇප

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝලේ ආලංකුඩාව ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක වසර දෙකක් දම්වැල් දමා කුකුල් කොටුවක බැඳ දසවද දුන් ඇගේ නැන්දනිය අගොස්තු 2 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත්  දැරියගේ පියා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසත් පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් එම්.එම්.ඉක්බාල් මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයේ තබා ඇත්තේ දැරියගේ නැන්දනිය බව කියන නොරොච්චෝල ආලංකුඩාව පදිංචි ක්‍රිෂ්නසාමි නිසංසලා නමැති 29 හැවිරිදි කාන්තාවක් සහ ක්‍රිෂ්නසාමි ජුලියඩ් දේවානන්ද නැමැති ඇගේ පියාය.

දැරියගේ පියා දැරියට රැකවර්ණය නොදිමේ චෝදනාවට  අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර ඔහුෙ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.

පොලිසිය දැරිය සොයා ගන්නා අවස්ථාවේදී දරුණු වද හිංසා වන්ට ලක්කර තිබූ බව අධිකරණයේදී කියැවිණි.

එසේම මෙම දැරිය පාසලකට පවා යවා නැති බව කියයි.

නැන්දනිය ආහාර ලබා නොදීම නිසා රහසේ නිවසින් පැන ගොස් අවට නිවෙස් වලින් ආහාර සොරා ගැනීමටත් හුරුව ඇති බවද ඒ හේතුවෙන් මෙම පහර දීම් සිදුව ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

එසේම දැරියට නිසි ආහාර පවා ලබා නොදී ඇය දැඩි ලෙස කුසගින්නෙන් පීඩාවට පත්ව ඇති බවද සිදුකල පරීක්ෂණ වලදී සනාථ කරගෙන තිබූ බව කියයි.

දැරියගේ සිරුර පුරා සෑම ස්ථානයක දරුණු පැරණි පිලිස්සුම් තුවාල ඇති බවත් ඒ සමගම හිසේ  ස්ථාන කීපයකම දරුණු මට්ටමේ  තුවාල ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.



අදහස් (1)

දියණියට දසවද දුන් නැන්දා රිමාන්ඩ්:පියාට ඇප

පූජා. Sunday, 25 July 2021 06:25 PM

මේ පින්තූරය දෙස කෙසේ බලම්ද?. තිරිසන් ආත්ම ලද කුරීරු මිනිසුන්.. ළමයි හදාවඩා ගන්නට බැරි නම් මොනවටද ළමයි හදන්නේ..? පුංචි දියණියනේ, නුඹට මින් ඉදිරියට හෝ යහපතක්ම වේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site