IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දියණියගේ පහරදීමෙන් මව මරුට

(ඩබ්ලිව්.ඒ. අසේල)
 
විශේෂ අවශ්‍යතා ඇති  දියණියක කළ  පහරදීමකිනි හඟුරන්කෙත ඇකිරිය ප්‍රදේශයේ පස්දරු මවක්  මියගොස් ඇතැයි පොලීසිය කියයි.
 අද (9) මෙය සිදු වී තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුද 75 ක මවක් වන අතර අය  විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් දෙදෙනකු සමඟ මෙම නිවසේ ජීවත් වී තිබේ.
 
 ආබාධ වලින් පෙළෙන රෝගී වූ දියණියන් දෙදෙනෙකු සමග නිවසේ ජීවත් වී ඇත.
 
අද උදෑසන නිවසේදී එක් දියණියක් විසින් මවට හා ආබාධිත නැගණියට පහර දී ඇති අතර එම පහරවලින් මව මියගොස් ඇත.  
 
 
මීට පෙරද මෙවැනි පහරදීම් පිළිබඳ කිහිප විටක්ම පොලීසියට පැමිණිලිද ලැබී ඇත.
 
පහරදුන් සැකකාර දියණිය හඟුරන්කෙත පොලීසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය නිවසේ තිබූ මෝල් ගහකින් මවට පහර දී ඇති බවට පොලීසිය සැකකරනු ලබයි.
 



අදහස් (8)

දියණියගේ පහරදීමෙන් මව මරුට

Ruhunu Saturday, 09 May 2020 10:58 AM

භව කර්ම කියන්නේ මෙවට තමයි.

:       1       32

Ravindra Saturday, 09 May 2020 02:58 PM

ආනන්තරීය පාපකර්මයක්...

:       3       31

thusharaSaturday, 09 May 2020 05:30 PM

පාප කර්මයක් වෙන්නේ එක සිතමු මූලිකවූ ක්‍රියාවක්නම්. නමුත් මෙහි සදහන් පරිදි ඔවුන් නිසි මානසික තත්වයකින් පසුවන දරුවන් නෙවෙයි

:       208       88

lankasriSaturday, 09 May 2020 05:50 PM

මැරීමේ චේතනාව නැතත් පහරදීමේ චේතනාව ඇති නිසා හා එයින් මව මිය ගියේ නම් එය ආනන්තරීය පාපකර්මයකි. මානසික ආබාධිත බාවය අදාළ නොවේ.

:       32       123

MD Saturday, 09 May 2020 05:14 PM

ඇත්තටම දුකයි... ගමෙ ග‍්‍රාම සේවක ඉදලා ඉහළටම මෙ පවට කොටස් කාරයෝ වෙන්න වෙනවා. සොරි...

:       2       16

අබිලින් Sunday, 10 May 2020 01:09 AM

දාරක ප්‍රේමය නිසාත් මානව හිමිකම් සංවිධානවල කටයුතු නිසාත් මෙම තත්වයන් ඇතිවෙනවා කියලයි මම සිතන්නේ. පුරාණ ලංකාවේ මෙවැනි දරුවන් ඇතිදැඩි නොකළ බව එදා හෙළදිව පොතේ දැක්වෙනවා. වත්මනේ එවැනිදේ කළ නොහැකිනම් සමාජයට පලක්නැති මෙවැනි දරුවන් රැක බලා ගැනීමටත් නඩත්තු කිරීමටත් රජයේ ආයතන පිිහිටුවිය යුතුය. මෙයින් විශාල පිරිසකටත් රැකියා සාදා දිය හැකිය.

:       45       77

සාරසීSunday, 10 May 2020 08:33 AM

කිසිම මවක් මෙවැනි ආබාධිත දරුවන් කාටවත් දෙන්නේ නෑ . අවශ්‍ය වන්නේ එවැනි දරුවන් ට ඉගැන්වීමේ ක්‍රමවේදයයි. නැත්තෙත් ඒකයි.. සාමාන්‍ය මිනිස්සු අතරේ කීයෙන් කී දෙනාද ඒ දරුවන් දිහා ආදරයෙන් බලන්නේ. එයාලා පුංචි කාලේ ඉදලා සාමාන්‍ය සමාජයට හුරු කරන්න ඕන.... එහෙම තනිවෙලා ඉන්නකොට එයාලා ප්‍රචණ්ඩකාරී වෙනවා හැම මවකටම ආදරය දුන්නත් එයාලා මෙහෙයවන්න දැනුම මදි . ලංකාවේ සමහර පාසල්වල පංති තියෙනවා. වෙන ක්‍රමවේදයක් මගින් මෙයාලාට ඉගැන්වීමක් ඕන.... හැබැයි ඒ පොත්පත් නෙවෙයි, සංගීතය චිත්‍ර, නැටුම්, කනබොන හැටි වෙලදසැලකට ගිහින් බඩුගන්න හැටි... වගේ ...මට එහෙම පුතෙක් ඉන්නවා එයා ඉපදුණු ගමන් මම කලේ එයාලා ට තමාගේ වැඩ කරගන්න හැටි උගන්නන හැටි ගැන, එයාලා හසුරුවන හැටි ගැන මම ඉගන ගැනීමයි... ඊට පස්සේ තව පුතෙක් ඉපදුනා එයා දැන් වෛද්‍යවරයෙක්... දෙන්නම එකට හැදෙනකොට ඒ පුතාටත් ලොකු මගපෙන්වීමක් උනා මල්ලී.

:       0       1

ravi Sunday, 10 May 2020 07:43 AM

ලෝක අම්මාවරුන්ගේ දිනය වන අද ... මෙ වගේ දෙයක් කියවීමට වීමගැන අපි ඉතාමත් කණගාටු වෙමු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13274 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site