(නිමන්ති රණසිංහ)
නාරාහේන්පිට නිවසක තිබූ රුපියල් කෝටි 70ක් පමණ වටිනාකමකින් යුත් දඹ රන් බුදු පිළිමයක් සමඟ භික්ෂූන් වහන්සේ නමක ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ පැහැරගෙන ගියැයි කියන සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුලු සැකකරුවෝ හය දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අයි. එන්. එන්. කුමාරගේ මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් (12) වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් විය.
දඹ රන් බුදු පිළිමය සහ සිද්ධියට උපයෝගී කරගත් ඩිෆෙන්ඩර් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවත් ඒවා නඩු භාණ්ඩ වශයෙන් නම් කොට අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන බවත් මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
COMMENTS
මෙම පැහැරගැනීම ගැන පරීක්ෂා කිරීමට අමතරව, තවත් වැදගත් පරීක්ෂණයක් කළයුතුයි. රුපියල් කෝටි 70ක් පමණ වටිනාකමකින් යුත් දඹ රන් බුදු පිළිමයක් නිවසක තිබුනේ කෙසේද? මෙවැනි පිළිමයක්, අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කෞතුක වස්තුවක් විය යුතුයි. යමෙකු, මෙය නිධානයක් හාරා තමන් සතු කර ගත්තාද? පුරාණ විහාරයකින් සොරකම් කළාද? නැත්නම්, දාගැබක් හාරා මෙය ගත්තාද? එය පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වස්තුවක් නම්, එය තමන් සන්තකව තබා ගැනීමත් වරදක්. මෙය සතුව සිටි පුද්ගලයා කවුරු වුනත්, කුමන තරාතිරමක වුනත්, මේ සම්බන්ධයෙන් අපක්‍ෂපාත පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පොලිස්පතිතුමනි, ඇමතිවරු, අගමැති වරු නැති දේශයක, මෙම පරීක්ෂණය දේශපාලන බලපෑම් වලින් තොරව සිදු කිරීම ඔබට බාරයි.
දඹරන් පිළිමය පමණක් නොව භික්ෂූන් වහන්සේ නමකුත් පැහැර ගෙන ගිය බවක් කියනවනේ. ඒ හැරත් මෙය සිදු වෙලා තියෙන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ. ඔය කියන පිළිමය, වටිනාකමේ හැටියට නම් බොහොම බර එකක් විය යුතුයි. ඒ නිසා මේක සිම්පල් වැඩක් නොව රාජකීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතියක් වෙන්න පුළුවනි.
උසාවියට දාන කොට බුදුරුව රිදී වෙයිද? රහත් වෙයිද?