
(කාංචන කුමාර ආරියදාස)
කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු ප්‍රවාහනය කළ සේවකයෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හදුනා ගැනීම නිසා දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව නවතා දමාතිබේ.
දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද(23) වසා දමා තිබුණු අතර එහි සේවයට පැමිණි තැපැල් සේවකයෝ තැපැල් කාර්යාලය ඉදිරිපිට සහ පිටුපස රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.
එහි සේවකයන් කියා සිටියේ පසුගිය දා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයෙන් ලිපි මළු රැගෙන ආ සේවක මහතා කොවිඩ් වෛරසය ආසාදනය වූ බව මේ වන විට හදුනාගෙන ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවයි.
දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්‍යාලයේ ස්ථානාධිපති සාගර කරුණාරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ විස බීජ හරණ කටයුතුවලින් අනතුරුව තැපැල් කාර්යාලය විවෘත කිරීමට අදහස් කරන බවය.
කෙසේ වෙතත් ඉදිරි කිසිදු තොරතුරක් තමාට ලබා දීමට නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.
දඹුල්ල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු මෙම කාර්යාලයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ය.
ඒ අනුව එහි එක් සේවකයෙකු ඍජුවම එම සේවකයා සමඟ සබඳකම් පවත්වා ඇති බවට දැනට තොරතුරු වාර්තා වී තිබෙන බවය.
කෙසේවෙතත් කඩිනමින් දඹුල්ල තැපැල් කාර්යාලයේ සේවකයන්ගේ පි සි ආර් පරීක්ෂණ කටයුතු සිදුකොට ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන බව සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඹුල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි