IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘‘දඹුල්ලේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ‘‘

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල වෙනත් දිනයන්වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා 23 දින රැගෙන ඒමත් අස්වනු නෙලීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපලට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද අඩුවක්ද අද දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති.

ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයෝ කියා සිටියහ.

ඒ අනුව ඉකුත් දිනවල 280 -300 අතර මිලකට ගිය ගෝවා 120-140ටත්, 250- 280 මිලකට ගිය බෝංචි 190-250ටත් 200-250 අතර මිලකට ගිය ලීක්ස් 190 -210ටත්, 370 -380 අතර මිලකට ගිය කැරට් 250-300ටත්, 260-280 තක්කාලි 200 -220ටත්, 70 -100 අතර මිලකට ගිය රාබු 50-60ටත්, 150-160 අතර මිලකට ගිය නෝකෝල් 130-140ටත්, 85 -90 අතර මිලකට ගිය පිපිඤ්ඤා 60-70ටත් 180- 190 මිලකට අලෙවි වූ වැලිමඩ අර්තාපල් අල140-150ටත්, 230-230ට අලෙවි වූ කරවිල 160-200ටත්, 260 -270 අලෙවි වූ වම්බටු 160-200ටත්, 670 -700 ට අලෙවි වූ අමුමිරිස් 450 -550ටත් අලෙවි වූ බව ආර්ථික මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

‘‘දඹුල්ලේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 606 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site