(කාංචන කුමාර ආරියදාස)

බෝවතැන්න ජලාශයෙන් කණ්ඩලම ජලාශයට ජලය රැගෙන යන ඇළ මාර්ගයක පාවෙමින් තිබූ නාදුනන පිරිමි අයකුගේ මළ සිරුරක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

ප්‍රදේශ වාසින්ගෙන් ලද තොරතුරක් මත මෙම සිරුර සොයාගෙන ඇත. මීට දින කිහිපයකට ඉහත දී මියගිය අයකුගේ බවට සැක කරන  බව පොලීසිය කියයි.

ඉකුත් දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග නාලන්ද බෝවතැන්න ජලාශයෙන්  විශාල ජල ප්‍රමාණයක් ගලා ගොස් ඇති අතර එම ජලකඳ සමග මෙම  පිට ප්‍රදේශයකින් ගසා ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.