
(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මුහුණලා තිබෙන නාමල්පොකුණ ප‍්‍රදේශයේ වටිනා පුරාවස්තු රැසක් පිහිටා තිබෙන භූමියක් වී වගාව සහ අනෙකුත් වගාවන් සඳහා ඩෝසර් කර තිබේ.
මෙම පුරාවිද්‍යා භූමියේ චෛත්‍ය කොටස්, මුරගල්, මෙන්ම වටිනා පෞරාණික පුරාවස්තු රැසක් ද ඒ අවට වටිනා ශාක වර්ග තිබෙන පරිසරය ද විනාශයට ගොසිනි.
මේ වන විට එම භූමියේ චෛත්‍ය කොටස් නිධන්හොරු විසින් විනාශ කරන ලදුව ඇති අතර වටිනා පුරාවස්තු කිහිපයකට හානි කර ඇත.
මෙම පුරාවස්තු විනාශය වහාම නතර කිරීමට අදාල බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බවත් ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් අවධානය යොමුකර ආරක්ෂාකර දෙන ලෙසත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටිති.
ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිඹුලාගල කොට්ඨාස කළමනාකාර තුෂිත හේරත් මහතා පැවසුවේ පුරාවස්තු ඇති භූමියක් වී වගාව සදහා වෙන්කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විනාශයක් සිදු වී ඇත්නම් පුරාවිද්‍යා නිලධාරින් දැනුවත්කර ගතයුතු උපරිම නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකන් පොඩි දේවල්නේ. ඉන්න රටක් තියෙනවනේ...
දිඹුලාගල විතරක් නොවේ... මුළු රටම ඩෝසර් කරයි වගේ..
තව ටික දවසකින් දිඹුලාගල කන්ද කල්කොරියකට දෙයි.
හුරේ, මේ විදිහට දිගටම මුලු රටේම කළොත් කොපමණ හොඳද? එතකොට බුදුදහමට අැති සාධක එකක් නෑර අයින්කර ගන්න පුළුවන්...
කුඹුරක්නේ හැදුවේ... කොමිස් කුළුණක් නෙමෙයිනේ...
මෙව්වා මොනවද? අහරේ චීනට දෙන්නේ අක්කර ගණනින්.. මම කිව්වනේ ඉස්සරහට හොඳ හොඳ නැටුම් බලන්න පුළුවන් කියලා. මහමෙව්නාවේ සමාධි පිළිමයත් වටකරලා දෙයක් ගැහුවේ නැතිනම්... බලන්නකෝ..!!
සර් ෆේල් වෙන තරමේ හැටියට ටොප් වෙලා තමයි නවතින්නේ.