IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


දෙමළ සන්ධානය හෙට අගමැති හමුවෙයි

(එෆ්.අස්ලම්)
 
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දෙමළ සන්ධානයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී සාකච්ඡා කිරීමටද එම සන්ධානය තීරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම එක්සත් ජාතික් පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමගින් ඊයේ(15) සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එම සාකච්ඡාව කල්දමා තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් තීරණය කිරීම මත එම සාකච්ඡාව කල්දැමීමට සිදුවූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

මේ  අතර මලික් සමරවික්‍රම, මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් අතර හමුවක්ද ඊයේ(15) සිදුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු පාර්ශව සමගින් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළුවලට විසඳුම් දෙන බවට සහතික වන නායකයාට සහාය ලබා දෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබිණි.



අදහස් (5)

දෙමළ සන්ධානය හෙට අගමැති හමුවෙයි

max Monday, 16 September 2019 11:30 AM

TNA වෙතින් UNP නායකවරුන්ට "දෙන තරමට කප්පන් - සහාය දෙනවා රත්තරන්."

:       99       78

Hafeel Monday, 16 September 2019 01:30 PM

කොහොමද පුද්ගලික දේශපාලන සාකච්ඡාවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන්නේ? මෛත්‍රී ජනාධිපති නිල නිවසේ, මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ, රනිල් අරලියගහ සහ දැන් පාර්ලිමේන්තු සංකීර්ණයේ. මේවා නඩත්තු කරන්නේ මහජන මුදලින් මේවා අසාධාරණයි. ජවිපෙ පමණයි ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේ දේශපාලන සාකච්ඡාවල් පවත්වන්නේ...

:       1       3

සේන Monday, 16 September 2019 01:53 PM

දැන් ඉතින් රටම ලියලා දෙඤ්ඤං මට ඡන්දෙ දීපං කියයි. ඕකනෙ වෙන්නේ ආයුබෝවන්..!!!

:       43       11

Hafeel Monday, 16 September 2019 03:49 PM

සජිත් හමුවීමට පෙර අගමැති හමුවෙනව නම්, සූත්‍ර පුංචා උපදෙස් දෙවි කොහොමද සජිත්ව කොටුකරන්නොන කියල.

:       29       3

tharidu Monday, 16 September 2019 04:55 PM

සුමන්දිරම් ගොඩාක් වැඩියි දගලනවා රටේ ජනතාව එදා අගමැති අරගලයේදී පාර්ලිමේන්තුවේදී හැසිරීම සියසින් දුටුවා...... මෙයාව පාලනය කරගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2558 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site