(රංජිත් රාජපක්ෂ)
උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් දීම සඳහා පක්ෂ තුනක් සන්ධාන ගත වී එයට අදාළ අවබෝධතා ගිවිසුම අද (11) අත්සන් කළහ.
ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.
ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් අනුෂා සිවරාජා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් යි.කදිර් යන මහ්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
එම සන්ධානයේ නිල තල කිසිවක් කිසිදු පක්ෂයකට මෙතෙක් ලබා නොදී ඇති අතර එම සන්ධානයට මෙතෙක් නමක් තබා නොමැති බව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසුව කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදී ප්‍රභා ගනේෂන් මහතා කීය.
නව සන්ධානයට ඕනෑම පක්ෂයකට එක් වීමට හැකි බවත්, එම සන්ධානය තුළින් දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අරමුණු කර ගනිමින් නව සන්ධානය නගා සිටු වූ බව ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.
නව සන්ධානයට ඉදිරියේ දී එකතු වන පක්ෂ සහ සංවිධාන එකතු කර ගනිමින් නව සන්ධානයට නමක් තබන බවත්, පසුව එම සන්ධානයේ නිල තල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ප්‍රභා ගනේෂන් මහතා කීය.
මෙම මාධ්‍යය හමුවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා ද සහභාගී විය.



2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දෙමළ ජනයාගේ ගැටලු විසඳන්න පක්ෂ 3 ක් සන්ධානගත වෙයි
Anjana Thursday, 11 July 2019 10:46 AM
මේවා වැරදිවැඩ... මොකද දෙමළ මිනිස්සුන්ගේ කියලා ප්‍රශ්න විසඳන්නේ මොකටද? මේවා තමයි ප්‍රශ්න. දේශපාලකයෝ විසඳිය යුත්තේ ජනතා ප්‍රශ්න මිසක් විවිධ ජනකොට්ඨාශ වල ප්‍රශ්න නොවෙයි...
vivek Thursday, 11 July 2019 11:14 AM
ඇයි සිංහලයින්ට මේ වගේ එකතු වෙන්න බැරි?
AmaraThursday, 11 July 2019 11:38 AM
සිංහලයා ජාතිවාදී නැහැ සහෝදරයා... ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදියි...
Prabha Thursday, 11 July 2019 11:56 AM
ආණ්ඩුවක ඇමතිකම් බෙදා ගන්න ගියහම ඔය ඔක්කොම සංධාන ඉවරයි....