IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක

(ලක්ෂ්මී ජයකොඩි)

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දෙමළ ජනතාවට එරෙහිව මර්දන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට චෝදනා කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ උතුරු නැගෙනිහිර පළාත් වල සිවිල් සංවිධාන වල එකමුතුවෙන් අද (03) උදෑසන මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කෙරුණි.

පාගමන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් , රාසමානිකම් සානක්‍යයන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මෙම පාගමනට උතුරු නැගෙනහිර පළාත් දෙමළ මෙන්ම මුස්ලීම් දේශපාලඥයින්, සිවිල් සංවිධාන හා මහජනතාව එක්ව සිටියහ.

මෙම පාගමන ආරම්භ කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වු සානක්‍යයන් මන්තී‍්‍රවරයා පැවසුවේ අධිකරණ නියෝග මගින් සිය ජනතාවගේ විරෝධතාවයන් නතර කළ නොහැකි බවයි.

දකුණේ පැවැත්වෙන විරෝධතා වලට අධිකරණය තහනම් නිග නිකුත් නොකරන බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් පවත්වනු ලබන විරෝධතා වලට පමණක් කොරෝනා වයිරසය , සමාජ දුරස්ථභාවය බලපාන බව කියමින් අධිකරණයෙන් තහනම් නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු කරන බවද එක රටක් එක නීතියක් යනු එයදැයිද හෙතෙම ප‍්‍රශ්න කළේය.

කෙසේ වෙතත් රාසමානික්කම් සානක්‍යයන් මහතා ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකුටම විවිධ ප‍්‍රදේශ වල  අධිකරණ  කිහිපයක් විසින් මෙම පාගමනේදි විවිධ නගර වල සිට පවත්වන විරෝධතා වලට සහභාගිවීම වළක්වාලමින් ඔවුන් වෙත තහනම් නියෝග නිකුත් කර තිබිණි.

මේ අතර සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙරට මුස්ලීම් ජනතාවගෙන් ඉල්ලා තිබුණේ මෙම විරෝධතා පාගමනට සහයෝගය ලබාදෙන ලෙසයි.

උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාවගේ ඉඩම් රජයේ ආයතන යොදා ගනිමින් ආක‍්‍රමණය කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, එම පළාත් වල හින්දු ආගමික ස්ථාන වෙත බලපෑම් සිදු කිරීම, අතුරුදන්වුවන්ගේ ගැටලූවට විසදුම් ලබා ගැනීම, යුද්ධයේදි සිදුවු බව කියන යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම හා වගවීම යන කාරණා මෙන්ම වතුකම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මෙරට මුස්ලීම් ජාතිකයින්ගේ මෘත දේහ ආදහනයට විරෝධය දැක්වීම යන කරුණු මුල් කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇත. 
මෙම පාගමන අනිද්දා 06 කන්කසන්තුරය පෝලිකණ්ඩි ප‍්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.



අදහස් (6)

දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක

ruwan Wednesday, 03 February 2021 07:07 AM

මගුලක් කතා කරනවා. සිංහල අපිත් මර්ධනය වෙලා ඉන්නේ... සිංහල , දෙමළ දේශපාලකයින් ඔක්කොම එකයි. බඩගෝස්තරවාදියෝ...

:       7       27

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 February 2021 07:49 AM

සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුනේ.. නුඹලා අප අතර තිබෙන සම්බන්ධතා බිඳදමා, අසමගිකොට සියලු ප්‍රශ්න මවා තමන්ගේ මඩිය තරකරගෙන ඔබ අප රවටන්නේ අප වනසන්නේ ඔබගේත්, අපේත් දේශපාලකයන්ම නොවේදැයි යන්න අපට සිතීමට කාලය පැමිණ ඇත.

:       4       45

sharm warn Wednesday, 03 February 2021 08:17 AM

මෙයාලට තව ඩොලර් ටිකක් ගෙන්න ගන්න ඕනෑ වෙලාද කොහේද? පව් අර අහිංසක දෙමළ සහෝදරවරු... අවුරුදු 30ක් එයාලගේ ජීවිත විනාශ කළා.. තවත් විනාශ නැහැ.

:       6       55

Bamunuarachchi Wednesday, 03 February 2021 10:26 AM

අනේ ඔය පාගමනට මේ පැත්තෙත් එන්නකෝ...!!!

:       2       7

BamunuarachchiSunday, 07 February 2021 03:50 AM

දැන් මේ පැත්තෙන් නාවට කමක් නැහැ. ත්‍රිකුණාමලේදී හම්බ වුණා කියලා ආරංචියක් ලැබුණා.

:       0       0

Bamunuarachchi Wednesday, 03 February 2021 10:37 AM

මේ දේශපාලන කොරෝනාව පටන් අරගෙන බොහොම කල්. අපි ඕකට පුරුදුවෙලා...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site