(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (12) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් කුරුණෑගල, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක යුවළක් වන අතර, ඔවුන් දෙදෙනා සමග අවුරුදු 05 සහ අවුරුදු 07 ක කුඩා දරු දෙදෙනාද වූහ. ඔවුන් එම ප්‍රදේශයේ සුළු පරිමාණ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යමින් සිටින අය බවට රේගුව කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
මොවුන් ඊයේ (12) රාත්‍රී 7.40ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක , ඔවුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමග මෙම දුම්වැටි තොගය සගවා ගෙන තිබූ අතර, එහි රුපියල් 32,30,000 (තිස් දෙලක්ෂ තිස් දහසක්) ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 64,600ක් තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනතිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරීවරුන් වන ජී.එස්. චන්ද්‍රසිරි සහ පී.වී. ධර්මප්‍රියන්ත යන මහත්වරුන් විසින් සිදුකර තිබුණි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.සී.බටවල, සහකාර රේගු අධිකාරීවරු වන අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, සජිත් සිරිවර්ධන සහ ප්‍රභාත් නාලක යන මහත්වරු සිදුකළහ.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.සී. බටවල මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කළ අතර, මොවුන් දෙදෙනාට රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
633
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට