IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (12) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් කුරුණෑගල, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක යුවළක් වන අතර, ඔවුන් දෙදෙනා සමග  අවුරුදු 05 සහ අවුරුදු 07 ක කුඩා දරු දෙදෙනාද වූහ. ඔවුන් එම ප්‍රදේශයේ සුළු පරිමාණ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යමින් සිටින අය බවට රේගුව කළ මූලික පරීක්ෂණවලදී  අනාවරණය කරගෙන තිබේ.

මොවුන් ඊයේ (12) රාත්‍රී 7.40ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක , ඔවුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමග මෙම දුම්වැටි තොගය සගවා ගෙන තිබූ අතර, එහි රුපියල් 32,30,000 (තිස් දෙලක්ෂ තිස් දහසක්) ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 64,600ක් තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනතිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරීවරුන් වන ජී.එස්. චන්ද්‍රසිරි සහ පී.වී. ධර්මප්‍රියන්ත යන මහත්වරුන් විසින් සිදුකර තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.සී.බටවල, සහකාර රේගු අධිකාරීවරු වන අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, සජිත් සිරිවර්ධන සහ ප්‍රභාත් නාලක යන මහත්වරු සිදුකළහ.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.සී. බටවල මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කළ අතර, මොවුන් දෙදෙනාට රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.



අදහස් (0)

දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site