
(එච්. චන්දන)
වනාතවිල්ලුව කරතිව් නිවසකට ගිනි ඇවිලීමෙන් එහි සිටි 97 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කරතිව් - සේරක්කුලිය පදිංචිව සිටි වර්ණකුලසූරිය පියදාස (අවු:97) නම් අයෙකි.
නිවසේ සිටි දියණිය කිසියම් කරුණකට නිවසින් බැහැරට ගොස් සිට අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මියගිය පුද්ගලයා සහ තවත් දරුවකු පමණක් බවත් ගින්න ඇති වෙනවාත් සමග එම දරුවා පිටතට පැන දිවි බේරාගෙන ඇත.
මිය ගිය අය බීඩියක් දැල්වීමට ගිනි කූරක් දල්වා ඇති අතර එය විසිකිරීමට යාමේදී එක් වරම නිවස තුළින් ගින්නක් හටගෙන ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියය.
ගම්වාසීන් ගින්න නිවා දමා ඇති නමුත් ඒ වන විටත් නිවසේ සිටි අය මිය ගොස් සිට ඇත. .
සිද්ධිය පිළිබදව වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
COMMENTS