



ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශක, තාවකාලික, අනියම් සේවකයෝ 1535 ක් තමන්ව රාජකාරියෙහි ස්ථිර කරන ලෙස ඉල්ලා අද (10) උද්ඝෝෂණයක නිරතවුහ.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශ කාර්යාලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් විරෝධතාකරුවෝ ගමන් කළහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
ඔය උනන්දුව වැඩ කරන්නත් තිබුණ නම්. බහුතරයක් ඡන්දෙ කාලෙට ඇමතිලා පස්සේ ගිහින් රස්සාවට ඇවිත් බුරුව ගහනවා . හිතන් ඉන්නේ පඩිය ප්‍රින්ට් වෙලා ඉබේම වැටෙනවා කියල. පඩි ගෙවන්න බදු වලින් ය , ඒ කට හරියන්න වැඩ කරන්න ඕනය. කියල හිතෙන්නෙම නැතිද ?? දුම්රිය පාඩු ලබන්නේ මේවගේ අතිරික්ත පන්දම් අල්ලලා ඇතුලට ආපු අය හින්ද. දේශපාලකයොත් ඡන්දෙ ගන්න තියෙන නිසා මෙයාලව බේරනවා ..
උත්සව කාලේ ළංවෙනකොට මහජනතාව ඇපයට තබාගෙන තමන්ගේ ඉල්ලීම් ඉල්ලන එක දැන් ලංකාවේ ප්‍රවාහන සේවයේ මෝස්තරයක් වෙලා...
අම්මෝ වැඩ කරලා ගොඩක් මහන්සි ඇති මෙයාලට.
විකිපීඩියා එකට අනුව ලංකාවටම දුම්රිය තියෙන්නේ 15යි. මෙතනම එක දුම්රියක් සහ අදාළ යටිතල පහසුකම් නඩත්තුවට සේවකයෝ 100 ගානේ ඉන්නවා. තව ස්ථීර සේවයේ ඉන්න කට්ටියත් බැලුවම මේ දෙපාර්තුමේන්තු පාඩු ලබන එකේ පුදුමයක් නෑ. ඒ බරත් ජනතාවට.
මේකත් අර ඔටුවගේ කතාව වගේ තමයි. එනකොට එන්නේ වැඳගෙන, ටික දවසක් ඉන්නකොට මතක් වෙන්නේ ඉතිරි ටික. ආදේශක, තාවකාලික, අනියම් සේවකයෝ ගන්නවා වෙනුවට ඉන්න සේවකයන්ගෙන් කාර්යක්ෂම සේවයක් ලබාගන්න. විශේෂයෙන් දුම්රිය, විදුලිය,ඛනිජ තෙල් වගේ ආයතනවල මේ යටි මගඩි කරනවා. සුදුස්සාට තැන නොදී, පියපුතු පදනම කියාවි, තාවකාලික කියාවි, වෙන මොකක්හරි බොරු හේතුවක් හදාගෙන ලාභ ලබන්න පුළුවන් ආයතන කාබාසිනියා කරලා දානවා. රටේ මිනිස්සු ගැන කිඹුල් කඳුළු හෙලන පක්ෂේත් මේවට හවුල්, වෘත්තිය සමිති අටවාගෙන මේ මිනිස්සු අවුස්සනවා. ආණ්ඩුවට ප්‍රශ්න වැඩි කරන්න. අන්තිමට කොහොමහරි පොඩි මිනිහ හුරගෙන කාලා සුදු අලියෝ වගේ සේවක රොත්තක් නඩත්තු කරනවා.
රැකියාව දෙන කොටම ගිවිසුමක් ගහන්න ඕනේ වර්ජන, ඉල්ලීම තහනම්ය. දෙනකම් ඉන්නය... එහෙම බැරිකෙනෙක් ඉන්නවා නම් අදම ගෙදර යන්න කියලා...හාහා.