(මහින්ද නිශ්ශංක)

වැටුප් හා ශ්‍රේණි  ප්‍රශ්නයක් මුල්කරගෙන දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමණාකරුවන් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරිමට සිටි පැය 48 ක වර්ජනය හෙට (20) දහවල් 2.00 දක්වා තාවකාලිකව කල්දැමීමට තීරණය කළ බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

අදාළ ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට (20) සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය කල්දැමීමේ තීරණයට එළැබී බවද ලේකම් දොඩම්ගොඩ මහතා කීය.

සාකච්ඡාව අසාර්ථක වුවහොත් හෙට (20) පස්වරු 2 සිට අනිවාර්යයෙන්ම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.