මහින්ද නිශ්ශංක
දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති ඊයේ (3) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනයට අද (4) වනවිට දුම්රිය සියලු විධායක නිලධාරීන් ඉංජිනේරුවන් ඇතුළු සියලු අංශ එක්වී ඇතැයි දුම්රිය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.
ඊයේ (3) මධ්‍යම රාත්‍රීයේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොකළ බවද ඒ මහතා කීය.
රාජකාරි වේලාවේදී මත්පැන් පානය කිරිම සම්බන්ධව වැඩ තහනම් කළ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු නැවත සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයකු දුම්රිය සාමාන්‍යාධිකාරි බලපෑම් කිරිමට විරෝධය දක්වා වර්ජනය ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
දුම්රිය ඇතුලේ ප්‍රශ්න අැතුලේම තියාගන්න. අැයි මහජනතාවට වැඩ දෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ කරන අයගේ බූදලයද? රජය මේවට විසඳුම් දෙන්නත් නම් දුම්රියේ එන අනෙක් රාජකාරි අයට සහන දෙන්න.
තර්ජනය කලේ ඇමතිකාර්ය මංඩලයේ ලේකම් කෙනෙකු නම් රජයේ නිළධාරීන්ට අදාල ආයතන සංග්‍රහයේ නීති දන්නේ නැතිව ඇති. නීතිය නොදැනීමද වරදක් විය හැකිය. අනෙක් අතට වෘත්තීය සමිති ලේකම් කෙනෙක් රාජකාරි වේලාවේ බීමත්ව සිටියානම් සේවයෙන් පහකල යුතුමය. වර්ජනය සාධාරණයි.
දුම්රිය වර්ජනය හොඳ නැත
දැන් ඉතින් රටට එන සංචාරකයින් දෙතුන් දෙනාත් ලංකාවට එන එක නවතී. මේ කාලකන්නි ක්‍රියා වලින් වැඩියෙන්ම දුක් විදින්නේ එදිනෙදා රැකියාව සඳහා දුම්රිය භාවිතා කරන අයයි. මැති අැමැතිලට බදු මුදලින් ඉන්ධන සහ ප්‍රාඩෝ ලබා දී ඇති බැවින්, ඔවුන්ට මේවා නොදැනේ...