(නිමල කොඩිතුවක්කු)
දුම්රිය ධාවනාගාරය සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (16) දිනයේත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
මේ හේතුවෙන් රැකියා සහ වෙනත් අවශ්‍යතාවය සඳහා පැමිණි මගින් විශාල පිරිසක් දැඩි අසීරුතාවයකට පත් වූහ.
දුම්රිය ගමන්වාර කීපයකට බාධා එල්ල වුවත් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය සඳහා පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ලංකාදීපයට පැවසීය.
ආසාදිතයන් වාර්තා වූ ධාවනාගාරය හැර අනෙකුත් ධාවනාගාර වලින් දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
කොවීඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන් පී. සී. ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
69
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
902
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2528
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දුම්රිය ධාවනය අදත් බාධා මැද්දේ