(ඩයනා උදයංගනී)

දුම්රිය රියදුරන් හා නියාමකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් හෙට (16) දිනයේදීත් දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් අද (15) දිනයේදීත් දුම්රිය ගමන් වාර 32ක් පමණ අවලංගු කර තිබූ අතර ඒ හේතුවෙන් අලුත් අවුරුද්දෙන් පසු රැකියා බලා පැමිණි ජනතාව සහ අවුරුදු ගමන් බිමන් යාම සඳහා පැමිණ සිටි ජනතාව දැඩි පීඩාවකට පත්වූහ.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8ක් සහ පුත්තලම හලාවත මාර්ගයේ දුම්රිය වාර 11ක් අද (15) දිනයේදී අවලංගු කර තිබිණි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය වාර 16ක්, මුහුදුබඩ මාර්ගගේ ගමන් වාර 8ක්, පුත්තලම මාර්ගයේ ගමන් වාර හතරක් සහ කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 4ක් හෙට (16) දිනයේදීත් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

එයට හේතුව අද (15) දිනයේදී සේවයට වාර්තා කළ යුතු දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් බොහෝ දෙනෙක් සේවයට වාර්තා නොකිරීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ හේතුවෙන් රැකියා සඳහා පැමිණි ජනතාවට අලුත් අවුරුද්දෙන් පසු රැකියාවට ගිය පළමු දිනයේදීත් ප්‍රමාද වී සේවයට වාර්තා කරන්නට සිදුවූ අතර පැමිණි දුම්රිය මගීන්ගෙන් පිරී තිබීම නිසා ඔනුව්ට ගමන් කිරීමට සිදුවූයේ ද දැඩි අපහසුතා මධ්‍යයේය.

අලුත් අවුරුදු සමයේදී දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවුණත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ දුම්රිය වෘත්තීය සමිති එක්වලබන ඉරිදා (18) තෙක් විශේෂ දුම්රිය කාලසටහනක් සකස් කළ බවත්, දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ මෙම ක්‍රියාව හේතුවෙන් එම සැලසුම් කර තිබූ දුම්රිය ද ධාවනය කිරීමට නොහැකි වූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

හෙට දිනයේදී ධාවනය නොවන දුම්රිය මෙසේය.