
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායෙන් පිට කෙරෙන කන්ටේනර් හා අනෙකුත් භාණ්ඩ දුම්රිය මගින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 12කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලූත්ම වාර්තාවේ සඳහන් වේ.
එම මාර්ගය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
කොළඹ වරාය ආශ්‍රිතව දුම්රිය මාර්ගයක් පැවතියද නැවකින් සෘජුවම දුම්රිය මාර්ගයට කන්ටේනර් ගොඩ බැස්සවීම සඳහා පහසුකම් වරායේ නොමැතිවීම නිසා එම කටයුත්තට අධික පිරිවැයක් දැරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම්දී ඇත.
ඒ නිසා මෙම ආදායම අහිමි වන බව පිළිගෙන ඇති එම ප්‍රධානීහු මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා වරාය අධිකාරිය සමඟ සාකච්ඡා පවත්වන බවද ප්‍රකාශ කළහ.
මේ අතර වරාය හා සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනයට අදාල දියුණු තාක්ෂණික ක්‍රමෝපායන්වලින් යුතු බහු බහුමාධ්‍ය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතත් ඇතැම් ව්‍යාපෘති සඳහා අරමුදල් ලැබී නොමැති බව කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ප්‍රවාහනය ක්‍රමානුකූලව වර්ධනයවී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

COMMENTS
හෙන්ඩුව අරගෙන. අලියා තාම මග එනවා. රේල් පාර නැතුව කෝච්චිය දුවන්නේ කොහොමද.?
වැඩක් නොකර පඩිය අරන් ගෙදර යන ආණ්ඩුවේ හෙන්චයියෝ ඕවගේ ඉන්න නිසා තමයි ඔහොම වෙන්නේ.
අදායම් එන මාර්ග එකක් වත් හරියට කළමනාකරණය කරගන්නේ නැතිව , ආණ්ඩුවේ ආදයම අඩුවෙලා කියල එක හොයාගන්න මිනිස්සුන්ට බදු වැඩි කර කර ලංකා ව ඉන්න බැරි රටක් කරන්න විතරයි රනිල් ලයි රාජපක්ෂලා යි දන්නේ
තියන වරාය දියුනු කරන්නෙ නැතුව තව අලුතෙන් වරායවල් හදල හම්බන්තොට දුන්නවගේ කාටහරි දෙමුකො…!
කරුණාකර දුම්රිය සේවය පෞද්ගලී කරණය කරන්න අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති නොකර ! ශ්‍රී ලන්කන් ගුවන් සේවය , දුම්රිය , ලංගම , කනිජ තෙල් , විදුලි බල යන ආයතන වල පවතින අකාර්යක්ෂමතා සහ හොරකම් නිසා බිලියන ගණනක් මහජන මුදල් නාස්ති වේ. මේ කිසිදු ආයතනයක් නොමිලේ සේවා සපයා නැත .අනෙත් කරණය නම් තරගකාරී පුද්ගලික අංශය ලaබ ලබද්දී මේ ආයතන විශාල ලෙස පාඩු ලැබීමය. අවසානයේ ගුවන් යානයකට, දුම්රියකට ගොඩවී වත් නැති අහිංසකයන් ගේ බදු මුදලින් මේවා නඩත්තු කිරීම කොතරම් අසාදාරන ද?
ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, පුද්ගලික ලේකම්, කාර්ය මන්ධලය සේරම දීලත් ආදායම් මාර්ග නැත් නම් වැඩක් නැහැ. අවුරුදු 73ක්ම මේවා නේ කරන්න. සැබේ වෙනසක් අවශ්‍යයි. මේ දෙගොල්ලම ප්‍රතික්ෂේප කලයුතුයි. මාධ්‍යට පමණයි පුළුවන් ජනතාව වෙනස් කරන්න. දැන් ඇති අවුරුදු පහෙන් පහට එකම පන්තිය තමයි බලයට ගේන්නේ.
ඔය නිසානේ අප්පච්චි මුළු පරම්පරා 50ක් උගස්තියලා දැන් තියෙන්නේ එකට වැඩිය හොඳ වරායක් හදලා දුන්නේ. අපි තමයි හොඳටම කලේ.
ලංකාව අදමේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හෝතු තමා දේශපාලකයින් සහ රාජ්‍ය පරිපාලකයො.... සාමාන්‍ය රාජ්‍ය සේවකයනුත් ඒකට සෑහෙන්න ප්‍රමාණයක් වග කියන්න ඕන. මමනම් අකමැත්තෙන් උනත් කියන්නෙ ලංකාවට ගොඩ යන්නනම් සෞඛ්‍ය , අධ්‍යපනය වැනි දේවල් හැර අනෙක් හැම දෙයක්ම පෞගලිකකරණය කරන්න ඕන කියල. මට හිතෙන හැටියට ඔය ගොඩක් සංගම්. සංවිධාන ඇතැම් දේවල් පෞගලිකකරණය කරද්දි මහ හයියෙන් කැගහන්නෙ රට බැරි වෙන හින්ද.
වහල් ගති නැතිවුණ දවසක ලංකාව දියුණු වෙයි
දුම්රිය කියන්නේ රජයේ අදායම විනාස කරන තවත් එක ආයතනයක්.
සියලුම රාජ්‍ය ආයතන, පාසල්, රෝහල් හැරෙන්න අර්ධ රාජ්යාතන කලයුතුයි. මේකේ ඉන්න ලොක්කෝ ඉන්නේ කොමිස් ගහන්නයි, පඩිය ගන්නයි, ස්ට්‍රයික් කරන්නයි විතරයි, කිසිම කෙනෙකුට වගකීමක් ඇත්තෙත් නැහැ. වගකීම් පැහැර හැරියත් පඩිත් ලැබෙනවා පෙන්ෂනුත් ලැබෙනවා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල හරි ,ණය වෙලා හරි මේ මිනිස්සුන්ට පඩි දෙන එකේ රටට පාඩුවක් මිස වාසියක් නැහැ.
වග කිව යුතු පුද්ගලයෙක් නැත; විගණනය නොකළ; ඇමති ගැන දැනුමක් නොමැතිකම; සමීප අධීක්‍ෂණය නැත; පසු විපරම් ක්‍රියාවක් නොමැත. රටේ ව්‍යසනයට ප්‍රධාන සාධක ඒවා ය.