(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

දොම්පේ පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ  2 ක අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළදී අත්අඩංගුවට  ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

දෙකටන ප්‍රදේශයේදී ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා මෙම මුදල ලබාදීමට ස්ථානාධිපතිවරයා එකඟ කරවා ගෙන තිබූ බව අධ්‍යක්ෂකවරිය කීවාය.

ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක එක්.කේ සංජීව මහතාගෙන් ලද පැමිණිල්ලක් අනුව නිල කාමරය තුළ එම මුදල ලබා දීමේ දී අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය.