(නිමන්ති රණසිංහ)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා ඇතැයි ද දැනගන්නට ඇත.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ ඉකුත් දා නිදහස් විය.
COMMENTS
වියත්මග අංක එකේ යාවජීව සාමාජිකයා. ඒ හින්දා තමයි එකම නඩුවේ එකම තීරණයට තුන් හතර දෙනෙක්ට මරණ දඬුවම දීලා තියෙද්දී සර් මෙතුමාට විතරක් සමාව දුන්නේ... ලංකාවේ හැංගිලා ඉන්න වියතුන්ට නිසි තැන දුන්නට ස්තුතියි සර්...!!!
ඉතාමත් විද්‍යාත්මක පත්කිරීමක්..., ආණ්ඩුවට ඡන්දය දීපු අයට රෙදි නැතුව පාරේ යන්න වෙලා තියෙන්නේ...!
මෙච්චර ඉක්මණට වෙනස් වෙයි කියලා කවුද හිතුවේ නේද?
අපි තමයි හොඳටම කරේ...! හැටනම ලක්ෂයටම දැන් හරිම සතුටු ඇති...!
කවුරු මොනවා කිව්වත්... දුමින්ද කියන්නේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරපු මනුස්සයෙක්.. අමතක කරන්න එපා භාරත, කොලොන්නාවේ තැඹිලි විකුණපු අහිංසක මනුස්සයෙක්...
ඔබට සුබපැතුම්... !!!
69 ලක්ෂයෙන් දැන් අහන්න තියෙන්නේ... ‘‘දැන් සැපද කියලා?‘‘
රටම මේ පවුලේ බූදලයක් කරගෙන හමාරයි. රටේ නීතිගරුක පුරවැසියෙකුට කෙසේ සිතෙනවා ඇතිද? ඒ බව මේ පවුලේ අය සිතනවාද? ජේ.ආර්. ජයවර්ධන පවා මෙතරම් හිතුවක්කාර අයුරින් කටයුතු කලා යැයි නොසිතේ. තම අරමුණක් නොමැතිව වුවද මොහු සමඟ මරණ දඬුවම් ලැබූ ඉතිරි අය කුමක් සිතනවා ඇතිද? මෙයට ඇති එකම පිළිතුර තුන් ලොවට තිලකයක් වූ අප මහ සම්බුදුරජාණන් දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම අනුව පෙර භවයේ කළ අකුසලයක් අනුව සිරගත වුවද කරන ලද අති මහත් කුසල බලයෙන් සිරගත වීමෙන් නිදහස් වූ බවත් සිතා හිතහදා ගැනීමයි...
මිනී මැරුමට මෙච්චර දරුණු දඬුවමක්... ඒකනේ අපි කිව්වේ ‘‘වන් කන්ට්‍රි... වන් ලෝ‘‘කියලා...
කුඩු විකුණුවේද විකුණන්නේද දන්නේ සිත පමණකි. මිනීමැරුවේද, මරන්නේද දන්නේ තම සිත පමණයි. මේ සැම පමණක් පොදු නොවේද...? කළ "පිං" පස්සෙන් එන්නේ තොග ලෙස බව නොදන්නේද...?
හයියෙන් කෑගහලා එකට කියමු. රට රකින අපේ විරුවා. කෝ හරි... තව හයියෙන්...!
ළඟදීම අපි ආසියාවේ ආශ්චර්ය වෙන ලකුණු පහළ වෙනවා. ඉතාම කාලෝචිත දුරදිගබලා ගත් තීරණයක්... සුදුස්සාට සුදුසුතැන ලැබිලා තියෙනවා..
බමුණෝ මොකෝ සද්ද නැත්තේ?
හරි.. දෙමව්පියන්ගේ ළමයි රට පාලනය කරා නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑ...
සර් " කරන වැඩවලින් අහිංසක අම්මා තමයි බැනුම් අහන්නේ...
මේ වගේ රටක් තවත් ලෝකෙ කොහේවත් නැතිව ඇති..
69 රැළට ජයවේවා..!!!
අපේ රටට බුදු සරණයි..! දෙවිපිහිටයි... !
දැන් රටට ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වුණාට කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය. අධිකරණ පොලීසි අවශ්‍යත් නැහැ. බොහෝ දේශපාලකයින් විභාග අසමත් නිසා විභාග හා අධ්‍යාපනයත් අවශ්‍ය නැහැ. මොකද හොරට විභාගේ ලියන්න පුළුවන්නේ. ඒ නිසා දේශපාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් ඕනෙම නැහැ. මොකද මේ රටේ ජනතාව, හොරුන් තක්කඩින් මංකොල්ල කාරයන් හා මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් අද පාර්ලිමේන්තුවට යවනවා. රටේ ඇති අධිකරණ පද්ධතියෙන්, උගත්, බුද්ධිමත් විනිසුරුතුමන්ලා මරණ දඬුවම නියම කළ මිනීමරුවන්ව හිරෙන් එළියට ගන්න රටේ ජනාධිපතිට බලය තියෙනවා. මෙහෙව් රටේ නීතිය අර සතාගේ තත්වයට නොගිහින් තිබුණොත් තමයි ලොකුම පුදුමේ. අප රටට විදෙස් චෝදනා එල්ල වූවේද මෙවැනි දේ නිසාය. ඒත්, කරුමය කියන්නේ මේ රටේ ඇතැම් අන්ධයින්ට සැබෑ යථාර්ථය නොපෙනීමයි..
දැන් ඉතින් ස'ගේ නිවාස ප්‍රශ්නේ දූරින් ධූරිභූත වෙයි. මිනිස්සු මරලා හරි නිවාස ප්‍රශ්නේ විසඳයි. මේ වගේ මිනිස්සුන්ට ඡන්දේ දුන් අයට. ස' දැන් බය නැතුව පාරේ යන්න හොඳේ..!
සභාපති, මහ ඇමති, ඇමති... කාටද ආඩම්බර?
ආණ්ඩුවට එක මොලයක් තියෙන මනුස්සයෙක් නැද්ද උපදෙසක් දෙන්න. මේක තමයි කරපු ලොකුම මෝඩකම... අනේ අපේ රට... දුක හිතෙනවා දෙවියනේ... මේ මොනවද වෙන්නේ..?
වියත්මගේ කට්ටිය දැන් නිගණ්ඨ ආගමට හැරෙන සාකච්ඡා ආරම්භ කරලා කියලා ආරංචියි.. මොකද රෙදි ඇඳගෙන ඒකෙ ඉන්න බැහැනේ... එයාලා හරි.., අපි තමයි හොඳටම කෙරුවේ.., අපේ අල්ලපු ගෙදර එකා හැංගිලා, එයා ඡන්දෙ දාට පස්සේ දවසෙ කිව්වා නුඹ පාරේ ටොපි කොළයක් වත් දකින්නේ නැහැ. අපේ සර් අද ඉඳලා වැඩ පටන් ගන්නවා කිව්වා.
එක රටක් නීති ගොඩක් ...!
බමුණු ආරච්චිලා කොහෙද දන්නේ නැහැනේ... අනිත් ඒවාට එළිපිටනේ කඩේට යන්නේ...
වාසනාවට වීරෝදාර රණවිරුවන් ප්‍රභාකරන්ව මරලා දැම්මා. නැත්නම් ඔහුත් අද ප්‍රබල කැබිනෙට් ඇමතිකෙනෙක්... කරුණා, පිල්ලෙයාන්ට අද ආරක්ෂාව දීලා සැලියුට් ගහනවා වගේ එයාටත් ගහන්න වෙනවා. දැන් එක රටක්.., එක නීතියක්.., විනයගරුක රට, කලින් වැඩ කරනවා ඇතුළු පොරොන්දු සේරම ක්‍රියාත්මක කරලා අවසන්...
නොදකින්! මේ නිර්ලජ්ජිත ආණ්ඩුව...
මේ අය මොනවා කළත් එජාපයට බලය ලැබෙන්නේ නැහැ. වෙනත් මගක් බලමු. හේතුව නම් යහපාලනය නමින් ඇවිත් අයහපත් පාලනයක් ගෙනයාමයි, බැංකු කොල්ල කෑමයි, ශ්‍රී ලංකන් ගසාකෑමයි, සභීතා මැතිණිය නායකත්වයට පත්කරමු. එහෙමවත් බලමු.
ඉදිරියට තව මිනීමරුවන්, කුඩු කාරයින් අවශ්‍ය බැවින් ඒ සඳහා තරුණයන් දිරිමත් කරවීමේ වැඩ සටහනේ තව එක පියවරක් සාර්ථකව කර ඇත.
අපේ රජය එහෙමයි. සුදුස්සාට සුදුසු තැන දෙනවා. අපි බය නැහැ.
රජයේ නිරුවත... විලි ලැජ්ජාවයි.
මම නං කියන්නේ බන්ධනාගාර හරි, ජනමාධ්‍ය හරි දෙන්න තිබුනේ... ක්‍රීඩා වුණත් කමක් නෑ.
අනේ පව්... ඇයි 'ස' එයාට පුටුවක් විතරක් දීලා තියෙන්නේ? මේසයක් දෙන්න අමතක වෙලාවත්ද? 'ස' ටවත් මතක් වුනොත් හොඳයි. ඉක්මනටම මෙයාට මේසයක් දෙන්න. නාමල් බේබිට කිව්වොත් නම් ඇඳන් හදපු විදියට මේසෙකුත් හදවලාම දෙයි.
එහෙනම් මෙයත් අධිකාරියක සභාපති වුණා එහෙනම්... ලබන සැරේ ඡන්දෙන් දිනුවාම ආරක්ෂක ඇමතිකමත් දෙයි වගේ...
කරුණාකර වෙලේ සුදා නිදහස් කර දුමින්දගේ ලේකම් කරන්න... ගෝඨාභය මහත්තයෝ...
මින්පසු සියලුම රජයේ ආයතනවලට අයදුම් කරුවන් බඳවා ගැනීමේදී සාමාන්‍යයෙන් අසන ප්‍රශනය, එනම්: ඔබ කිසියම් වරදකට උසාවියක වරදකරුවෙක් කරනු ලැබ සිර දඬුවමකට යටත් වී ඇතිද යන ප්‍රශ්නය... අයැදුම්පත් වලින් ඉවත් කරනු ලැබේ...
ජාතික මතය...
ආයේ කතා දෙකක් නැහැ. මේ ධර්මද්වීපය තුළ මේ රටේ අනාගත ජනාධිපති වීමට මෙතුමාට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබෙනවා. ඇයි කාටහරි අවුල්ද? ජයවේවා, අපේ අනාගත ජනාධිපතිතුමාට..!!!
ඔය හොඳටම කරලා තියෙන්නේ රට ඉවරයි...
වහාම ජනාධිපතිතුමා සහ දුමින්ද සිල්වා අතර ඇති සම්බන්ධය හෙලි කළ යුතුයි. එය දැන ගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා... විශේෂයෙන්ම ඡන්දේ දීපු ජනතාවට...
මුස්ලිම් ආණ්ඩුකාරවරු පත් කිරීම ගැන උපවාස කරපු අතුරලියේ රතන හාමුදුරුවෝ මේවාට විරුද්ධවත් උපවාස කරයිද...?
පටන් ගත්තෙ රුවන්වැලි සෑයෙන්, ඒ වුණාට යන්නෙ වියත් මඟක. කාලය මැව් වෙනසක අරුමේ.....
අර හද්ද පිටිසර ගමක තිබුණු සාකච්ඡාවකදී ගුරු පත්වීමක් ඉල්ලපු ළමයාට ඉංග්‍රීසියෙන් ඒ ඉල්ලීම කරලා පෙන්වන්න කියලා කිව්වා මතකද? සභාපතිකමක් දෙන්න තව කොච්චර අමාරු ප්‍රශ්න අහන්න ඇත්ද? නේද?
මොලේ කචල් වෙනවා මේවා දකිනකොට...!!!
අනේ 69 ලක්ෂය ඉල්ලුවා.. ඔච්චරමයි. දැන් හරිම සනීපයි.