( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින තම ස්වමිපුරුෂයා වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාගේ බිරිඳ වන එන්. දුලානි ප්‍රියංගිකා මහත්මිය අද (12) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනුකළාය.
නීතීඥ රවිහාර පින්නදූව මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම හෙබයාස්කෝපූස් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි, පල්ලෙකැලේ සමූපකර අධ්‍යයන ආයතනයේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානය භාර ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.
කොවිඩ් ආසාදිතයෙකුගේ ළඟම ආශ්‍රිතයා පවා නිවස තුළ නිරෝධායනයට ලක්කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ නිකුත්කර තිබියදී උද්ඝෝෂණයකට සහභාගිවීම හේතුකරගෙන තම සැමියා බලහත්කාරී ලෙස නිරෝධායන ක්‍රියාවලියට යොමුකිරීමට පොලීසිය ගත් පියවර නීතියට පටහැනි බවත් , ඒ අනුව නීතිවිරෝධී ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින තම සැමියා වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු නිදහස්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය
COMMENTS