IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙබර ප්‍රහාරයකින් කුඩා දරුවෙකු සහ 68 හැවිරිදි කතක් මරුට

(එස් .ඩි .කොඩිකාර )

දෙනියාය කිරිවැල්දොළ හිගුරුහේන ප්‍රදේශයේ  නිවසක  වහලයේ බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සී දෙබරු ඇනීම හේතුවෙන්  එම නිවසේ  සිටි වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු සහ එම දරුවාගේ මිත්තනිය අද (14) මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉදුෂ කාරින්ද නැමැති හිඟුරුහේන, කිරිවැල්දොළේ පදිංචි කුඩා දරුවෙකු සහ (68) හැවිරිදි ඕකේවෙල, වලස් මුල්ලේ පදිංචි කරුණාවතී වන්නියාරච්චි නැමැති දෙදරු මවක් බව පොලිසිය පවසයි .

දෙබර කුඩුව ඇවිස්සෙන අවස්ථාවේදී නිවසේ කුඩා දරුවාගේ දෙමාපියන් සිට නොමැති අතර මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ  කුඩා දරුවා සහ දැරියගේ මිත්තණිය බව දැරියගේ දෙමව්පියන් පවසයි.

දෙබරුන් කුඩා  දරුවාට සහ වයස් ගත කාන්තාවට  වටකර දෂ්ට කරන ආකාරය දුටු අසල්වාසී තරුණයෙකු සහ  ඔවුන්ගේ ඥාතීන් ඔවුන් දෙදෙනා  ත්‍රීරෝද රථයකින්  දෙණියාය මූලික රෝහලට රැගෙන යන අතරතුර ත්‍රීරෝද රථයේ කාර්මික දෝෂයක් ඇති වීම හේතුවෙන් පසුව ඔවුන් 1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන්  දෙනියාය මූලික රෝහලට  ඇතුළත් කර ඇති අතර  ඒ වන විටත් කුඩා දරුවා  මියගොස් තිබූ බවත් දරුවාගේ මිත්තණිය  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග  සඳහන් කරයි.

මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දෙනියාය මූලික රෝහලේ සිදුකිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (1)

දෙබර ප්‍රහාරයකින් කුඩා දරුවෙකු සහ 68 හැවිරිදි කතක් මරුට

සනත් Sunday, 14 October 2018 06:51 PM

මේවගේ වෙලාවට අල්මාරියක් අස්සට ගිහිල්ලා දොර වහගත්තනම් බේරෙන්න ඉඩ තිබුන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site