
(එම් .සුසිල් ප්‍රියන්ත සහ ලලිත් චාමින්ද)
ඌරගස්මංහන්දිය උතුරු මාගල මහ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පිහියා ඇනුමකින් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
ඝාතනයවී ඇත්තේ ඌරගස්මංහන්දිය උතුරුමාගල මහ දෙල්ගහවත්ත ලිපිනයේ පදිංචි එස් .එච් . මහින්දරත්න නමැති 50 දෙහැවිරිදි දෙදරු පියෙකු බවද පොලීසිය කියයි.
මේ ගැටුම ඊයේ (20 ) රාත්‍රියේ සිදුවි ඇති බවත් එහිදි තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ ඝාතනයේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ මවය.මියගිය තැනැත්තාගේ දේහය ඌරගස්මංහන්දිය රෝහලේ තැන්පත් කොට ඇති බව පොලීසිය කියයි.
මේ ගැටුමට මුල්වූ දෙපිරිසම එකම ගමේ වාසය කරන ඥාති හිතවතුන් බවත් පවසන පොලීසිය ඝාතනයවූ තැනැත්තාත් ඔහුගේ ඝාතනයේ සැකකරුත් එකට කුරුදු තළන බොහෝ අවස්ථාවලදි එකට මත් පැන්පානය කරන දෙදෙනෙකු බවද පොලීසිය කියයි.
මෑතක සිට මේ පුද්ගලයින් දෙදෙනා අතර මුදල් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන්වූ කතාවක් දුරදිග ගොස් මෙම ඝාතය සිදුකර ඇත.
ඝාතනය සිදුවූ ස්ථානය වූ ඌරගස්මංහන්දිය උතුරු මාගල මහ දෙල්ගහවත්ත ප්‍රදේශයට ඊයේ (20 ) පැමිණි ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කරන ලදි.

(ඡායාරූප - එම් .සුසිල් ප්‍රියන්ත)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.