IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දින 25 යි - මුඛ ආවරණ නැතිව අත්අඩංගුවට ගැනීම් 527 යි

මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන් 527 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා  පනත යටතේ රෙගුලාසි ගැසට් කර සති දෙකකට පසුව, එනම් ඔක්තෝබර් මස 30 වැනිදා සිට මුඛ ආවරණ පැළඳ නොසිටින සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් ආරම්භ කරන ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්⁣ 527 දෙනා අතරින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ  පසුගිය පැය 24 තුළදී බවද නියෝජ්‍ය  පොලිස්පතිවරයා සඳහන් කළේය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඉදිරියේදී එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන බවද අජිත් රෝහන මහතා වැඩි දුරටත් කියා සිටියේය.

-036



අදහස් (0)

දින 25 යි - මුඛ ආවරණ නැතිව අත්අඩංගුවට ගැනීම් 527 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site