(සුජිත් හේවාජුලිගේ )
අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට නිවෙස්වලින් පිටතට නොයන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
එසේ කටයුතු නොකළහොත් දින දහයේ නිරෝධායන ඇඳිරි නීතිය අපතේ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇදිරි නීතිය ක්‍රියාත්මක වන සමයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරමින් ගමන් කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන රෝහණ මහතා කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේදීද අවශ්‍යම අය පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය .
COMMENTS
අද පෝය නිසා කණක් ඇහෙන්න නෑ.. පන්සල් 6 ක ලවුඩ්ස්පීකර් ගෝරණාඩුව පාන්දර ඉඳන් තරඟෙට ඇහෙනවා… කොයි එක අහන්නද කියලා හිතා ගන්න බැහැ ගෙවල්වලටම කොටුවෙලා ඉන්න මිනිස්සුන්ට මෙහෙමත් කරදර කරන එක හොඳයිද ?
රට වහන්න, රට වහන්න කියලා කුළල් කෑවේ... දැන් බලමුකෝ කොරෝනා ඉවර වෙයිද? මිනිස්සුන්ට හිඟාකන්න වෙයිද කියලා... ස්තුතියි..
ඔබතුමාලා දැන් වැඩ කරන්න... රට වහන්න කියලා හැමදාම කිව්වනේ. දැන් වැඩ පෙන්නන්න.
අපි නෙමෙයි... හෙට ලස්සනට වැඩේට එන්න කියලා, ඔක්කොමලා දන්නවා. එතකොට ආයිත් පුරුදු පරිදි අපි වැඩ. පොදු ප්‍රවාහනේ විතරයි නැත්තේ. ඒකෙනුත් කෙළවෙන්නේ අපේ අතින් තෙල් ගහගෙන වැඩේට යන්න වුණාම තමයි.
ඕක කියන්න ඕනේ පුත්‍රරත්නයට...