(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවූ ‘දින 10 කදී අදන් 10,000 ක්’ ව්‍යාපෘතියෙන් ඇදන් 16,000 ක් රෝහල් පද්ධතියට එකතු කිරීමට හැකිවූයේ යැයි තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යය පවසයි.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ද සෘජු අධීක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියෙන් රෝහල්වලට පහසුකම් සහිත අතිරේක වාට්ටු සංකීර්ණ 13 ක් එක්වූ බවත් බොහෝ රෝහල්වල අලූත්වැඩියා කටයුතු ස`දහා ද තරුණ තරුණියන් යොමු වී ඇති බවත් අමාතයංශය පැවසීය.

’කොවිඞ්’ ආසාදිත රෝගීන්ට නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමට පහසුකම් සැළසීමේ අරමුණින් එම ව්‍යාපෘතිය පසුගිය 7 වැනිදා ආරම්භ කර පසුගිය ඉරිදා අවසන් කළ බවත් ව්‍යාපෘතියෙන් ඉලක්කය ඉක්මවා යමින් නව ඇඳන් 16,000ක් පමණ සකස් කිරීමට හැකියා ලැබුණු බවත් එම අමාතයංශය කියයි.

ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය පෙරමුණ ගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ බවත් රාජ්‍ය ආයතන සහ විවිධ ස්වෙච්ඡුා සංවිධාන පුළුල් දායකත්වයක් ලබාදුන් බවත් අමාත්‍යංශය පවසයි.