(ටී.කේ.ජී.කපිල

ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක නියැලී සිටි , ඉන්දියාවේ ප්‍රකෝටි ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සිය දෙදින සංචාරය නිමා කර අද (26) සවස 04.30ට ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියේය .

ගෞතම් අදානි සමග ඔහුගේ ව්‍යාපාරික උපදේශකවරුන් 10 දෙනෙකු , පෞද්ගලික විශේෂ ගුවන් යානා දෙකකින් පසුගිය 24 දින කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි .

ඔවුන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික ඉහළ පෙළේ  දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් හමුවී සාකච්ඡා කළ අතර, මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් පිළිබඳව ද ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කර තිබුණි .

ඔවුන් රැගත් පළමු ගුවන් යානය අද (26) සවස 04.30ටත් , අනෙක් දෙවන ගුවන් යානය සවස 04.40 ටත් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .