(ඩයනා උදයංගනී)
පාන්පිටි මිල හිතුමතේ වැඩි කරමින් දඟලන්නට ආවොත් කිරිපිටි සමාගම් දණ ගැස්වූ ආකාරයෙන් පාන්පිටි සමාගම් ද දණ ගස්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.
පාන්පිටි සමාගම් දෙකක් පාන් පිටි මිල ඉහළ නංවා ඇත්තේ එසේ මිල වැඩි කළ නොහැකි බව නීතිපතිවරයා පවා කියා තිබියදී බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩි මිලට පාන්පිටි අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලෙස තමා අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බව කී ඇමතිවරයා පැය 3ක් තුළ එවන් ස්ථාන 51ක් ඔවුන් විසින් වටලා තිබෙන බවද කීවේය.
අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පැවති ජාත්‍යන්තර තරුණ නිපුණතා දින සැමරුම් උළෙලේදී අදහස් දක්වමිනි.
පාන්පිටි සමාගම් පාලනය කළ නොහැකි නම් තමා මෙම ඇමතිධූරය දැරීමේ තේරුමක් නැතැයිද බුද්ධික පතිරණ මහතා කීවේය.
තමන් ලීයකට ඇතුළු වූ කුරුමිණියෙක් වැනි යැයි කී ඇමතිවරයා යමක් ආරම්භ කළ පසු ඉදිරියට මිස පසුපසට නොයන බවද කීවේය.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘‘දඟලන්නට ආවොත් පාන්පිටි සමාගම් දණ ගස්වනවා‘‘
GAMINI. Wednesday, 17 July 2019 12:42 PM
වෙරි ගුඩ්... නියම ශ්‍රී ලංකා කොල්ලෙක්..
හිරාන් Wednesday, 17 July 2019 12:44 PM
මෙන්න ඇමතිවරු.. ඇත්තටමනේ මෙහෙම කියන්නේ..
kapila Wednesday, 17 July 2019 01:00 PM
ඔක්කොම ටෝක් සභාවල. ඇක්ෂන් ගන්න ඕනේ මිනිස්ට්‍රිය ඇතුලේ නේද?
janis Wednesday, 17 July 2019 01:01 PM
හරියට හරි... ඔබතුමාට කොන්දක් තියෙන බව පෙනේ.. අපිට ලොකු සතුටක් දැනෙනවා... ඔබට ජය!!!
sunil milano Wednesday, 17 July 2019 01:07 PM
තවත් දඟලන්න දෙයක් නැහැ. වැඩිකරලා ඉවරයිනේ.. ඊළඟ සැරේවත් බලමු.
අසන්ක Wednesday, 17 July 2019 01:18 PM
ඔබතුමාගේත් කයිවාරුව විතරයි...
Bamunuarachchi Wednesday, 17 July 2019 01:26 PM
එතකොට අපිට කේක්කන්න පුළුවන් නේද තුමෝ...? පිටි ආනයනය කරන්නේ පුද්ගලික අංශය නම් ඔබ බම්බුවක් කරයි. ඔවුන් ඔබව අල්ලේ නටවයි...
රනිල්Wednesday, 17 July 2019 02:39 PM
තණකොල කන ඔයාට කේක් මොකටද? විහිලුවක් කරේ බමුණා අන්කල්.... නාකි වයසට මළපන්න ගන්න එපා හොඳේ...
BamunuarachchiWednesday, 17 July 2019 04:55 PM
ගොබ්බයින්ගේ ගොබ්බ කතාවලට කේන්ති ගන්නවා නම් අපි කොහොමද දේශපාලන කතා කොරන්නේ. මේවගේ කතා කරන තැන්වලට නාස් ලනුව කඩා ගත්ත එවුන් පනින බව අපි දන්නවා ගොයියෝ.
janisWednesday, 17 July 2019 08:27 PM
රනිල්,මෝඩ කොමෙන්ට් දැමීමෙන් වලකින්න ,මිනිසුන්ට ගෞරව කරන්න
sirimal Wednesday, 17 July 2019 01:57 PM
එතකොට හාල් පිටි ? මෝල් කාරයා කවුද කියල දන්නවනේ ?
THILAK Wednesday, 17 July 2019 02:03 PM
අනේ අද එපා
Wije Wednesday, 17 July 2019 02:43 PM
කතාව නම් හොඳයි. ඒත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? කිරිපිටි සමාගම් දණ වැටුණු බවක් පේන්නේ නැහැනේ... එයාලා කියපු මිලටම තමයි වෙළඳපලේ අලෙවි වෙන්නේ...
Wije Wednesday, 17 July 2019 02:57 PM
ඇමතිතුමෝ, කරනවා නම් ලොකු පින් අතේ වැඩක් තියනවා. අපිත් සම්පූර්ණ සහයෝගය දෙන්නම්. දුරගමන් බස් සේවා නවත්වන හෝටල් ගැන පොඩ්ඩක් හොයලා බලනවද? අහිංසක මිනිස්සුන්ව හූරලා කනවා. ඒ මදිවට කන්න දෙන්නේ ජරා කෑම.. අපිරිසිදු තැන් එමටයි. කරුණාකරලා හොයලා බලන්න. කිසිම මිල පාලනයක් නැහැ ඒ තැන්වල... අපි තොරතුරු දෙන්න සූදානම්...
GamayaThursday, 18 July 2019 04:36 AM
පළමුව පී එච් අයි මහත්හොරු පරීක්ෂා කරන්න.
Buddika Wednesday, 17 July 2019 03:07 PM
අම්මපා එහෙමද
Gamarala Wednesday, 17 July 2019 03:55 PM
කතාව නම් මාර ඇතිනේ. ඔය මිල වැඩි කලේ පිටිකාරය කිලෝවකට. හැබැයි පාන්කාරයා පාන් ගෙඩියකට රුපියල් දහයක් වැඩිකරනවා. පාන් ගෙඩිය බර කොච්චරද දන්නේ නැහැ...
chandima Wednesday, 17 July 2019 04:23 PM
රටේ පිනට පහළවුණු උත්තමයෙක්. බලන්න වීර පුරන් අප්පුල කැලේ නේද?
kavantissa Wednesday, 17 July 2019 05:37 PM
ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ චණ්ඩි... දණ ගස්වල මොකද කරන්නේ? අපි දන්නවා. රන්ජන්ගෙන් අහන්න.