
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලණිගම බද්දේගොඩ ප්‍රදේශයේදී මිට සුළු වේලාවකට පෙර වාහන පහක් එකි නෙක ගැටීමෙන් පස් දෙනකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
ආපදාවට ලක් ව තිබූ ලොරියක මෝටර් රථයක් ගැටී ඇති අතර එම මෝටර් රථයේ සිටි තුවාලකරුවන් රැගෙන ඒමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ගිලන් රථයේ කැබ් රථයක් ගැටීමෙන් තවත් අනතුරක් සිදුව ඇත. ඊට සුළු වේලාවක පසු කැබ් රථයේ තවත් මෝටර් රථයක් ගැටී ඇත.
අනතුරින් කොළඹ දෙසට මංතීරුවේ ධාවනයට සුළු බාධා එල්ල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝද කැරකුණු පලියටම හයියෙන් පෑගුවට හදිස්සියකදී අනතුරක් වළක්වා ගැනීම ගැන සැලකිලිමත් නොවීම පසු අනතුරුවලට හේතුවයි. සමහරු වාහන එළවන්නේ ඉදිරියට පැමිණිය හැකි බාධක ගැන කිසිඳු තැකීමක් නැතිවයි. අනතුර සිදුවුණාම තමයි ඔවුන් කොතරම් නොසැලකිලිමත් ලෙස රියපදවා තිබෙන බව පෙනීයන්නේ...
වැසි දිනවල දක්ෂිණ අධිවේගයේ අනතුරු බහුලව සිදුවෙනවා. හේතුව වාහන වල වරදක් නොවේ, පාර සුමට වැඩියි. එතකොට ලිස්සනවා. ඒ නිසා ඉක්මනින් පාරේ රළු බව වැඩි කරන්න. මේක ආර්.ඩී .ඒ වගහීමක්.