(මහින්ද නිශ්ශංක)
මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ‘දක්ෂිණ’ නමින් නව නගරාන්තර සුඛෝපභෝගී දුම්රියක් අද (24) සිට ධාවනය කෙරේ.
අද පස්වරු 3.00 ට මරදාන දුම්රිය ස්ථානයෙන් මංගල ගමන ආරම්භ කරන නව දුම්රිය සවස 6.05 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟාවේ.
නැවත පසුදා අලුයම 2.15 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දක්ෂිණ දුම්රිය අලුයම 5.10 ට කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ.
COMMENTS
බෙලිඅත්තේදී ඕක නවත්තල මහින්දගෙ පෝස්ටර් ටිකක් ගහමු. පෙරලන්න හදමු අපි කලේ කියල.
අලුයම 2.15 ට කෝච්චිය බෙලිඅත්තෙන් පිටත් වෙන්නෙ මගීන් නැතුවද?
යක්කු ගස් යන වෙලාවේ විතරක් නෙවෙයි අනික් වෙලාවටත් කෝච්චිය දුවන්නකෝ. යන්න ආසයි එත් මහා රෑ මැද්දේ කොහොමද මිනිස්සු දුම්රිය පොලට යන්නේ.
ඉතාම අගය කළ යුතු වැඩක්
ගිහින් බලන්නකෝ සෙනග කොහොමද කියලා? මම හිතන්නේ වැඩිම මගීන් ප්‍රමාණයක් කොළඹින් පිටතට නගින්නේ බෙලිඅත්තෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව කාල සටහන් හදන්නේ එයාලට පහසු දුම්රිය තදබදය අඩු වෙලාවට මිසක මිනිස්සුන්ට අවශ්‍ය වෙලාවට නෙවේයි . මම හිතන්නේ බෙලිඅත්ත 4.15 am - කොළඹ 7.10 pm සහ කොළඹ 5.00 pm - බෙලිඅත්ත 8.05 pm වඩාත් හොඳ වේවි. මේ අතර රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්ත දක්වා දිගු කිරීම යෝග්‍ය වනු ඇත.
දුම්රිය කාල සටහන හදලාතින්නේ ප්‍රයිවට් බස් කාරයෙක් වගෙයි මට පෙන්නේ උදේ දෙක හමාරට කෝච්චියේ නැගලා උදේ පහ හමාරට කොළොඹ එන්න තියෙන උවමනාව මොකක්ද? අනික හවස තුනට එකම එක ඔපිස් එකක්වත් වැහෙනවාද මිනිස්සුන්ට ගෙදර යන්න කෙරුවොත් කොරන්නේ මේවගේ මහජන සල්ලි විනාස කරන වැඩක්මයි.
සෑම් , ඔබගේ ප්‍රශ්නය දුම් රිය දෙපාර්තුමේන්තුවට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අයට වෑඩක් නෑ මගීන් කොහොම ආවත්, නෑතත්.. කෝච්චිය පිටත් උනානම් ඈති. හිස් කෝච්චිය ආවත් පුරවන් ආවත් මේ අයට වෑඩක් නෑ. ටුවරිස්ට් කෙනෙක්ට, ගෑනු කෙනෙක්ට එන්න පුලුවන්ද ස්ටෙෂමට මහ රෑ? ඒක කොච්චර අනාරක්ශිතද මේ රටේ. මෙහෙම තමයි මේ රටේ අමාත්‍යංශ අතර වෑඩ වෙන්නෙ... පාරෙ තාර දාපුවම, පහුවෙනිද ජල අපවාහන එකෙන් ඈවිත් හාරනව. ඊට පස්සෙ අවුරුදු ගානක් පාරෙ වලවල්. ආයි තාර දෑම්මම විදුලියෙන් ඇවිත් හාරනව.. මේක තමයි මේ රටේ සිස්ටම් එක. මේකට ආන්ඩුවලට බෑනල වෑඩක් නෑ. මෙලෝ රහක් නැති කිසිම වෑඩක් නැති කම්මෑලියො සෙට් එකක් මේ රාජ්ය සේවකයො කියන්නෙ.
පරිස්සමින් ඔය පැත්තේ මිනිස්සු රේල් පීල්ල හරි විකුණන් කන ජාතියක්.
මේකෙත් කවුරුවත් ආසන වල කකුල් තියාගෙන, මැදිරිය ඇතුලේ අහාර අරගෙන, ඉතිරි වෙන දේ හැම තැනම විසිකරමින්, ජනේලයෙන් බුලත් කෙළ ගහමින් ගමන් කරන්නනම් එපා ඔන්න.
ඉතාම අගය කළ යුතු වටිනා වැඩක්.මට මතනයි මාතර සිට අලුයම 2.30 ට කොච්චර දුක් විදලද අපි කොළඹ පංති ආවේ කියලා.