( ඩී.ජී.සුගතපාල සහ රවී ලියනගේ)
දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීහු 277ක් අසනීප නිවාඩු දමා අද (15) වර්ජනයක යෙදුණහ.
දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක පත් කිරීම මෙයට හේතුවී තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන පරිපාලන නිලධාරී සේවා සංගමය පවසන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන ශ්‍රේණියේ නිලධාරියෙකු පත්කළ යුතු අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක පත් කිරීම අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවටද සම්පූර්ණයෙන්ම පටහැනි බවය.
ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන ආකාරයට පටහැනිව තමන් විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවයන්ද නොසලකා මෙම පත්වීම කර ඇති බවත් මෙය ආණ්ඩුකාරවරයාගේ නිල බලය අයුතු ලෙස යොදා ගැනීමක් බවත් පරිපාලන නිලධාරිහු පවසති.
මෙයට ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත ක්‍රියා මාර්ගයකට යාමට සිදුවන බවත් දකුණු පළාත් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 04
672
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
549
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු පළාත් අධ්‍යාපන සේවා නිලධාරීහු 277ක් වැඩ වරති
මුණසිංහ Wednesday, 15 May 2019 09:13 AM
මෙම නිලධාරීන් ගත් ක්‍රියා මාර්ගය ගැන අපගේ ප්‍රසාදය...
Thushara Wednesday, 15 May 2019 09:47 AM
සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ. දේශපාලන ඇඟිලි ගැසීම්. එදා මේදා ..මතුවටත් ඔහොම තමා. උපාධිධාරීන් මහා පාරේ.