IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දකුණු ආසියානු අල් කයිඩා ත්‍රස්ත නායකයා මරා දැමේ

දකුණු ආසියාවේ ක්‍රියාත්මක අල් කයිඩා ජාලයේ නායක අසීම් ඕමාර් මරා දැමීමට හැකිවුණු බව ඇෆ්ගන් රජය කියයි.

ඇෆ්ගන් ජනාධිපති අෂරෆ් ඝානී වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ අනාවරණය කළේ අසීම් ඕමාර් ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ද් ප්‍රාන්තයේ මූසා කාලා දිස්ත්‍රික්කයේ කළ වැටලීමකදී බවය.

ඇෆ්ගන් ආරක්ෂක අංශ සහ ඇමෙරිකා බුද්ධි අංශ ඕමාර් ගැන විමසිල්ලෙන් පසුවුණු බවත්, ඔහු ඇතුළු අල් කයිඩා සාමාජිකයන් තලේබාන් තිප්පොලට පැමිණි අවස්ථාවේදී වැටලීම සිදු කළ බවත් වාර්තා වේ.

එම වැටලීම කර ඇත්තේ ඇෆ්ගන් සහ ඇමෙරිකන් සොල්දාදුවන්ගේ එකමුතුවෙනි. වැටලීම සඳහා ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේත් ඇෆ්ගන් රාජ්‍ය බුද්ධි අංශයේත් බුද්ධි තොරතුරු ලැබී ඇති බව ද පැවසෙයි.

ඇෆ්ගන් තලේබාන් සංවිධානයට අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහාය හිමිවෙයි. ඇෆ්ගන් සහ ඇමෙරිකන් සොල්දාදුවන් වටලා පහර දුන් නිවස තලේබාන් තිප්පොලකි.

තලේබාන් තිප්පොලට නුදුරින් මංගල උත්සවයක් ද පැවැත්විණි. හමුදා සොල්දාදුවන් කළ ප්‍රහාරයෙන් මංගල උත්සවයට සහභාගී වූ ඇෆ්ගන් සිවිල් වැසියෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 40 දෙනාගෙන් වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.

හමුදා සිදුකළ මෙහෙයුමේදී අල් කයිඩා නායකයාට අමතරව අල් කයිඩා සාමාජිකයන් 6 දෙනකු ද තලේබාන් සාමාජිකයන් 22 දෙනකු ද ඝාතනයට ලක්වී ඇත. වැටලීමේදී 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ සමත් විය. එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන ජාතිකයන් පස් දෙනකු සහ බංග්ලාදේශ ජාතිකයකු සිටින බව ද ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසා තිබේ.

අල් කයිඩා නායක අසීම් ඕමාර් ඝාතන මෙහෙයුමේදී සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට පත්වුණැයි ඇෆ්ගන් ජනාධිපති පවසා තිබේ.

ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී හැකි සෑම අවස්ථාවකදීම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු යැයි ඇෆ්ගන් ජනාධිපතිවරයා ඇෆ්ගන් සහ ඇමෙරිකන් හමුදාවලට පවසා ඇත. ඉන්දීය උප මහද්වීපය කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක අල් කයිඩා ජාලය මෙහෙයවීම කළේ අසීම් ඕමාර්ය. ඇෆ්ගන් සහ ඇමෙරිකන් හමුදා එක් වී පහර දුන් තලේබාන් තිප්පොලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණුව ලබා ඇති බව සිදුකළ පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)
 
050



අදහස් (3)

දකුණු ආසියානු අල් කයිඩා ත්‍රස්ත නායකයා මරා දැමේ

sunil Wednesday, 09 October 2019 08:31 AM

සජිත් මහතාට අද්‍යාපන සුදුසු කම් නැහැ . ආණ්ඩුවේ සිට ඇති දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි . වෙනත් රැකියාවක් වත් කරලත් නැහැ . ඒත් නායකතුමා එකඟවූ පසු පොල්පිත්තකටක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා. ඒක තමයි පක්ෂයේ හයිය

:       0       0

DILUM Wednesday, 09 October 2019 10:33 AM

කෝ අර එක්සත් ජාතින්.. ඇමරිකාව මරද්දී හොඳයි. ඒවා තලගොයි මස්...

:       0       0

Asanka Wednesday, 09 October 2019 12:31 PM

ලොකු දෙයක්... ජයවේවා ලොවටම හිසරදයක් මේ කාලකන්නි... දෙව්ලොව කන්‍යාවෝ 72ක් ලබාගන්න අහිංසකයන් මරණ අමනයන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site