(මනෝප‍්‍රිය ගුණසේකර)
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට අධිචෝදනා පත‍්‍ර බාරදීම සඳහා ලබන අගොස්තු 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (23) සිතාසි නිකුත් කළේය.
විත්තිකරුවන් සිව්දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුවන් අධිකරණයට කැඳවමින් එලෙස සිතාසි නිකුත් කළේය.
වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ‘සකුරා’ නමැති අලි පැටවාගේ හිමිකරු බව කියන පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණියක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැත්තන්ටය.
වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත්වරයකුට එරෙහි මෙම සිද්ධියට එරෙහිව නඩු පැවරිය යුතු බවට නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ගත් තීරණයකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී පැවසුවාය.
2025 දෙසැම්බර් මස 04
754
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
455
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනාට සිතාසි