ඉන්දිකා රාමනායක
කොටුව දුම්රියපොළ අසළ උපවාසයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගෙන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරිම හේතුවන් ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් කොළඹ - කොටුව අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය, ආරක්ෂක අමාත්‍යාංශය, ගාලුපාර, අලියගහ මන්දිරය ,ලෝටස් පාර, අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) පෙරවරුවේ තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
දැන් මේ 225 ටම තමන්ගේ සුඛවිහරණයට, තමන්ගේ පහසුකම් වෙනුවෙන් පැයක් දෙකක් වැනි කෙටිකාලයකදී ඒ ඒ යෝජනා ගෙනැවිත් ස්ථිර කර මුදල්ද වෙන්කරගෙන අදාළ සියලුම බඩු බාහිරාදිය හැකි ඉක්මනින් ලබාගෙන පරිහරණය කිරීමට තිබෙන උනන්දුව මේ රණවිරුවන් වෙනුවෙන් නැති හැටි ඉතාම කණගාටුදායක නොවන්නේද?
UNP අපේක්ෂක "සජිත්" මහත්තයා රණවිරුවන් සම්බන්ධව ඉතාම උනන්දුවෙන් පහුගිය දින කීපයේ කතා කළා. රණවිරුවන්ගේ දෙපාමුලට යනවා කියලා අත්උස්සලා පොරොන්දු වුණා. එ්ත් කරුමේ කියන්නේ මේ රණවිරුවන්ගේ "දෙපා" නැතුව "එක්" පාදයක් විතරක් තියන නිසා එතුමාට මේ රණවිරුවන් ගාවට එන්න බැරුව ඉන්නවා ඇති...