IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තිස්සමහාරාම ඇල්ලගල කුඹුරු අක්කර 4000ක් වැස්සෙන් විනාශයි

(එම්. කේ නන්දසේන)       
        
තිස්සමහාරාම ඇල්ලගල වාරි පද්ධතිය යටතේ වගාකර ඇති කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි අරඹගේ මහතා පැවසීය.
        
දින කීපයක් තිස්සේ ධාරාණිපාත වැසි පතිතවීමත්, ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමත්, තිස්ස වැව, යෝධවැව, පන්නෙගමුව වැව, වීරවිල යනාදී වැව් දැමීමත් හේතුවෙන් මෙම විනාශය සිදුවු බව ඒ මහතා සඳහන් කළේය. වැඩිම හානිය සිදුවූයේ යෝධවැව හා වීරවිල යටතේ ඇති කුඹුරු යායවල් දෙකට බවද ඔහු කීය.
       
කුඹුරු වැපිරීමට අවශ්‍ය බිත්තර වී සොයා ගැනීමට නොහැකි වු බවත්, වගකිවයුතු ආයතන ඒ සඳහා මැදිහත් නොවු බවත්, මෝල් තුළ කෙටීමට සූදානම් කර තිබූ වී පවා වැඩි මිලට ලබාගෙන බිත්තර වී ලෙස යොදාගත් බවත් ගොවි ලේකම්වරයා පෙන්වාදෙයි. මෙම කුඹුරු නැවත වගා කිරීමට සිදුවී ඇති අතර ඒ සඳහා බිත්තර වී ඇතුළු සහන අත්‍යවශ්‍ය බවත් ගොවි ලේකම්වරයා අනාවරණය කළේය.
           
මීට අමතරව ලුණුගම්වෙහෙර දකුණු ඉවුර යටතේ ඇති කුඹුරු යායවල පවා ඇළ වේලි කැඩී බිඳීගොස් පැළ ගොයමට බරපතල අලාභ හානි සිදුවී ඇති බවද හෙතෙම කියාසිටියේය.



අදහස් (0)

තිස්සමහාරාම ඇල්ලගල කුඹුරු අක්කර 4000ක් වැස්සෙන් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 72 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site