(ඉන්දිකා රාමනායක)
තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන ටී 56 අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප‍්‍රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප‍්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි.
මෙම ටී 56 ගිනි අවි දෙක අගල් 4 හා අගල් 6 පී.වී.සී ප්ලාසිටික් බට දෙකක දමා දෙපැත්ත ආවරණය වන ලෙස සීල්කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
වාලච්චේන පොලිසියට ලැබුණු තොරතුරක් මත අගල් 4 පී.වී.සී නලයක බහා තිබූ ටී 56 ගිනි අවියක්, උන්ඩ 15 ක් සහ මැගසින් 2 ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
කඹුරුමුල්ල කජුවත්ත ප‍්‍රදේශයේ වළ දමා තිබූ අගල් 6 ක පී.වී.සී නලයක් තුළ ටී 56 ගිනි අවියක් බහා තිබු බවද පොලිසිය පවසයි.
එහි වළා දමා තිබූ සෙසු භාණ්ඩ අතර ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්, පතුරම් ගැබ් දෙකක්, ජෙලෙග් නයිට් කරල් 4 ක්, ඩෙනේටර් 9 ක්, සේවා නුල් ඇතුළු උපකරණ රැසක් තිබී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවුහිත් ජමාත් සංවිධානයට අයත් ටී- 56 අවි දෙකක් සොයාගනී
ගල්කටස් Wednesday, 08 May 2019 05:12 PM
යකෝ මේ අල්ලන්න බඩුවලට අයිතිකාරයන් නැද්ද..? ඔක්කොම ඕපපාතික වගේනේ... කඩු ළිංවලයි.. වලවල් වලයි, කුණුගොඩවල්වලයි. මේකත් නිකං විකට නාට්‍යයක් වගේ...?
RangaThursday, 09 May 2019 03:02 AM
බය වෙන්න එපා, අයිතිකාරයො තමයි ඔය තියෙන තැන් කියන්නෙ... ඒගොල්ල ඉන්න තැන් ගැන වොරි වෙන්න එපා...
BamunuarachchiFriday, 10 May 2019 01:37 AM
ඔබ හරි අයිතිකාරයෝම තමයි ඔත්තුව දෙන්නේ. හැබැයි එලියට දමන්නේ 10% යි. ඉතිරිය ඒගොල්ලොගාව. අපි මේවා අමුතුවෙන් කියා දිය යුතු නැත නමුත් ලොක්කා කියනවානම් අපේ ඡන්ද ටික නැතිවෙනවා ඕවා හොයන්න එපා කියලා ආරක්ෂක අංශ අහක බලා ගනී.
SARATH Thursday, 09 May 2019 01:55 AM
කරුණාකර ඊළඟ බොම්බේ පුපුරනකල් ඇපදෙන්න,
Samathasena Aluthgamage. Thursday, 09 May 2019 02:05 AM
රටේ ආරක්ෂාව සම්බන්ධව අත්දැකීම් සහිත පළපුරුදු නායකයෙකු ඉතා අවශ්‍යයි. එසේ සිටියා නම්, මේ අවි ආයුධ ගෙනත් දැමීමට ප්‍රථම අදාළ අයත් සමගම අල්ලා ගන්න තිබුණා. අපේ සියලු ආරක්ෂක අංශ, බුද්ධි අංශ, පොලීසිය හා රහස් පොලීසිය කොතරම් දක්ෂ උනත්, ඔවුන් මෙහෙයවන්නා ඔවුන්ට වඩා පළපුරුදු අත්දැකීම් ඇත්තෙකු විය යුතුමයි. තිත්ත වුනත් ඇත්ත එයයි.
rasika Thursday, 09 May 2019 07:28 AM
ඇගිලි සලකුණු ගන්න . මේවා අල්ලන්න එපා අත් වැසුම් නැතුව.