( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මාන්කුලම් පණික්කන්කුලම් ප්‍රදේශයේදී අද (04) අලුයම දුම්රිය මාර්ගය හරහා ගමන් කළ වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බව මාන්කුලම් පොලීසිය පවසයි.
කොළඹ කොටුවේ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ගමන් ගත් රාත්‍රී තැපල් දුම්රිය මාන්කුලම් දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර සිදු වී තිබේ.
දුම්රියේ ගැටීමෙන් මිය ගොස් සිටි වල් අලියාගේ ශරීරය පුරා වෙඩි වැදුණු ස්ථාන රැසක් ඇති බවට අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය වනජීවි නිලධාරීහු පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd