(සිතුම් චතුරංග)
වවුනියාව, කනගරායන්කුලම, පුදුවිලන්කුලම ප්‍රදේශයේ මියගිය අලියකුගේ සිරුරක් අද (3) උදෑසන සොයා ගත් බව ප්‍රදේශවාසීහු පවසති.
දින කිහිපයකට ඉහතදී මෙම අලියා මියගොස් ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
වවුනියාව වනජීවි කාර්යාලය ස ඳහන් කර සිටියේ මාස පහක් පමණ වන අලි පැටවකු මෙලෙස මියගොස් ඇති බවත් මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූ බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව මරණයට හේතුව සොයා ගත හැකිවනු ඇතැයිද පැවසීය.
කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය බි.ගිරිදරන් මහතා විසින් අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.
අලියාගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.


COMMENTS
මේකත් අරකට සම්බන්ධද දන්නේ නෑ
මොනවද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ, රට ගන්න දෙයක් නැහැ. 2008 ඉඳලා මිනිස්සු තිරිසන් විදියට ජීවත් වෙන්නේ.. රට පාලනය කරන මුළු නඩේම බෞද්ධයන්, උදේට හවසට, කොයිවෙලෙත් පිරිත් කියාගත්තු ගමන්, නමුත් රට ඇතුලේ මිනිසුන්ගේ හදවත් ඇතුල නරකාදියක්, වස විස කැවිලත් නැතිනම් කොහොමද මේ විදියට මැරෙන්නේ? ලොකු. බිලි පූජාවක් කරනවද ඡන්දෙ දිනන්න. අසරණ සත්තුන්ට අත තියන්න එපා.
මිනිස්සු කරපු දෙයක් කියලම හිත හිත ඉන්නේ නැතිව වෙනත් ලෙඩ රෝගයක්ද කියලත් සොයල බැලුවනම්? ඩෙංගු වගේ වසන්ගතයක්ද? මොකද අලින්ට කියල එහෙම වෙන්න බැරිද?