IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තවත් ප්‍රභාකරන්ලා බිහිකරන්නේද නැතිද යන්න දකුණේ නායකයින් තීරණය කළ යුතුයි

(එෆ්.අස්ලම්)

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වැනි නායකයකු දෙමළ ජනතාව මධ්‍යයෙන් බිහිකරන්නේද නැතිද වග තීරණය කළ යුත්තේ දකුණේ දේශපාලන නායකයින් බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

එමෙන්ම යාපනය වැල්වැටිතුරෙයි භූමියෙන් ජන්මය ලද ලෝක වීරයින් දෙදෙනෙකු සිටින බවද සුමන්තිරන් මහතා කීය.

ජාත්‍යන්තරය දිනූ පිහිනුම් ශූරයකු වූ වැල්වැටිතුරෙයිහි ආලිකුමරන් හෙවත් කුමාර් ආනන්දන් ක්‍රීඩකයා සිහිකරමින් ඉදිකළ පිහිනුම් තටාකය ජනසතු කිරීමේ උත්සවය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය වැල්වැටිතුරෙයිහි දී පැවති අතර එම උත්සවයට එක්ව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

මේ රටේ බොහෝ නායකයින් බිහිකිරීමට දායක වූ දේශපාලකයකු තමයි අමාත්‍ය මංගල සමරවීර කියන්නේ. ඔහු නායකයෙක් වීමට වඩා අනෙක් අය නායකයින් කිරීමට දැඩි කැපකිරීමක් සිදුකළ කෙනෙක්. මේ රටේ තවත් නායකයකු පත්කරගැනීමට අවශ්‍ය මැතිවරණය අතලග තියෙන මොහොතක මේ කාර්ය වෙනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා දැක්වූ දායකත්වය අගය කර සිටිනවා.

මේ වැල්වැටිතුරෙයි භූමියෙන් ලෝකය ජයගත් දෙදෙනෙකු සිටිනවා. ඒ අතරින් කෙනෙකු වෙනුවෙන් තමයි මේ ස්ථානයේ මේ පිහිනුම් තටාකය ඉදිකරල තියෙන්නේ. අනෙක් ශූරයා වගේ තවත් කෙනෙක් දෙමළ ජනතාව අතරින් බිහිවේද නොවේද කියල තීරණය වන්නේ දකුණේ දේශපාලකයින් අතින්. ඒ තීරණය තියෙන්නේ ඔවුන් අතැතිවයි.

ඔබ විසින් පත්කරන්නා ලද රජයේ දේශපාලන නායකයින් විසිනුයි එවන් අයෙකු නැවතත් බිහිකරන්නේද නැතිද වග තීරණය කළ යුත්තේ. මේ නිසා අප කල්පනාකාරීව කටයුතු කරමින් අපගේ පැරණි මතකයන් එක්ක සිටිමින් අනාගතය ගැන තීරණය කළයුතුව ඇතැයි සුමන්තිරන් මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

තවත් ප්‍රභාකරන්ලා බිහිකරන්නේද නැතිද යන්න දකුණේ නායකයින් තීරණය කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site