නිමන්ති රණසිංහ
තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවු වෙඩි තැබීමේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් කොස්තාපල් අරුණ ශ්‍රී නන්ද සිල්වා ලබන 18 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (11) නියෝග කළාය.
එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රවේන්ද්‍ර රොද්‍රිගු මහතා සැකකරුට ඇප ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය ලබන 18 වැනි දා ඒ සම්බන්ධ නියෝගය ප්‍රකාශ කරන ලෙසට සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.