මහින්ද නිශ්ශංක
දෙමටගොඩ ලංකා ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් සේවකයකු මියයාමේ සිද්ධිය සම්බන්ධව සංස්ථා සේවකයන් ආරම්භ කළ වර්ජනය අද (29) පස්වරුවේ සිට නතර කිරිමට තීරණය කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ.ජි.එස්.ප්‍රේමන්ත ගමගේ මහතා පැවසීය.
ඒ අනුව අද (29) පස්වරු 4.40 සිට තෙල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ බවද ඒ මහතා කීය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට හිටපු අමාත්‍යවරයා වගකිව යුතු බැවින් ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඛනිජ තෙල් සංස්ථා හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සේවකයන් ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් බෙදාහැරිම ඇතුළු සියලු රාජකාරිවලින් ඉවත්වී වර්ජනයක යෙදුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය ඉවර කරපු එක ගැන ස්තුතියි