
(ඩයනා උදයංගනී)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළව අත්සන් කර ඇති ගිවිසුමට අදාළ ක්‍රියාවලිය තුළ දේශපාලන හා තාක්‍ෂණික වැරදි රාශියක් සිදුකර ඇතැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත.
මෙම තෙල් ටැංකි සංකීර්ණය වසර 50 ක කාලයක් සඳහා ඉන්දියාවට බදුදෙමින් අත්සන් කර ඇති ගිවිසුමෙහි ඇති කරුණු වසර 20කට පෙර අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් යටත් වූ කොන්දේසිවලටත් වඩා අගතිදායක බව එම ලිපියෙහි සඳහන් වේ.
නිසි අනුමැතියක් ද නොමැතිව අත්සන් කර ඇති මෙම ගිවිසුම නීතියට අනුව වලංගු නොවන බව ද ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියෙහි දැක්වේ.
ඉන්දියානු තෙල් සමාගම විසින් වසර 20කට ආසන්න කාලයක් නීත්‍යානුකූලව ක්‍රියාත්මක නොවූ ගිවිසුමක් මගින් බුක්තිය පමණක් ලබාගෙන තිබූ මෙම තෙල් ටැංකි සහ ඒවා පිහිටි භූමිය ඉතා කලබලකාරී ලෙස බරපතල හා අවාසිදායී කොන්දේසි යටතේ වසර 50ක් වැනි දීර්ඝ කාලයකට බදුදීම සාධාරණීකරණය කළ නොහැකි බව ද ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.
පැරණි ගිවිසුම මගින් සිදුවූයේ අනාගතයේදී බදු ගිවිසුම් අත්සන් කිරීමේ එකඟතාවය මත භුක්තිය භාරදීම පමණක් වුවත් නව ගිවිසුම මගින් ඉන්දියානු තෙල් සමාගමට උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් පහළ අංගනයේ තෙල් ටැංකි 14ක් වසර 50ක් සඳහා සම්පූර්ණයෙන්ම බදුදීම සිදුවන බව ද ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.
නව ගිවිසුම මගින් ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම ඒකාබද්ධව පිහිටුවන සමාගමකට තෙල් ටැංකි 61ක් පවරා ඇතත් ඕනෑම අවස්ථාවක එම ටැංකි සමාන බදු මුදලක් ගෙවා ඉන්දියානු තෙල් සමාගමට පවරා ගැනීමට ප්‍රතිපාදන පනවා ඇතැයි ද එහි දැක්වේ.
එමෙන්ම ඉන්දියානු තෙල් සමාගමේ එකඟතාවය නොමැතිව වෙනත් කිසිඳු සමාගමකට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ව්‍යාපාරික කටයුතුවල නියැලීමට නොහැකි බවට කොන්දේසි පැනවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කර ඇති බව එහි සඳහන්ය.
මෙයට නිසි ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන නැති බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ අනුමැතිය නොමැතිව ඉඩම් කොමසාරිස්වරයා විසින් බදු ගිවිසුම අත්සන් කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කර තිබෙන බව ද එම ලිපියෙහි දැක්වේ.
COMMENTS
අත්සන් කරනකන් උඩ බලන් ඉඳලා දැන් කෑගහනවා. හැමදාම කලේ ඕකනේ...
මෙම කරුණු ඉතා පැහැදිලිව පෙන්නුම් කර දුන්නාට ජාතික සංවිධාන එකතුවට හා ලංකාදීප පත්‍රයට ස්තුතියි. මෙම ගිවිසුම ගැන ඉන්දියන් ප්‍රවෘත්ති ආයතන උදම් ඇනූ ආකාරයට ලංකාවට පාඩුවක් වූ බව පැහැදිලියි. නමුත් හේතුව පැහැදිලි දැනුයි. රජයෙන් ඉල්ලන්නේ ලංකාව විකුණන එක දැන්වත් නවත්තන්න. සිවිල් යුද්ධයකට මුල පුරන්න එපා...
බොරු
අවුරුදු ගානක් මලකඩ කකා තියෙද්දී කටක් ඇරලා මොනවත් නොකියපු උඹල දැන් නටන්නේ මොකද ? තෙල් ටැංකි ඉන්දියාවත් එක්ක ඒකාබද්දව දියුණු කරනවාට අකමැති හිවලුන් ට කියන්නේ , උඹල ඔය ටැංකි ටික මුදල් ආයෝජනය කරලා දියුණු කරනවා ද? එහෙම නම් යෝජනාවක් දාල ඒ තෙල් ටැංකි ටික ගනිල්ලා.
ඕවා කියලා දෙන්න ඕන මොලේ තියන මිනිහෙකුට.මෙයාලට පේන්නේ සාක්කුවට එන ඩොලර් විතරයි