IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘‘

(තිළිණි ද සිල්වා)

ඛනිජ තෙල් සංස්ථාව හරහා මෙරටට ඉන්ධන ගෙන්වීමට කැඳවා තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් 2017 ඔක්තෝම්බර් මාසයේදී අවලංගු කිරීමට එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතා උත්සාහ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මහේන්ද්‍ර කුමාර ගරුසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

2017 අගෝස්තු සිට 2018 මාර්තු දක්වා කාලය තුළ රටේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා දිගු කාලීන ටෙන්ඩර් තුනක් කැඳවිය යුතු බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සමාලෝචන කමිටුව තීරණය කළ බවත් ඒ බව අමාත්‍යවරයා දැන සිටියදීත් ඔහු විසින් නීත්‍යානුකූල ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය යටතේ අවශ්‍ය පියවර නොගත් බවද කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්කි දෙමින්  ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා කියා සිටියේය.

2017 / 2018 කලයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිලඳී ගැනීම සඳහා කැඳවා තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කිරීමට එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතා කටයුතු කිරීමෙන් එම සංස්ථාවට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි කියමින් එම කොමිසම හමුවේ ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලකට අදාළව සාක්කි දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි පරීක්ෂකවරුන් වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන , විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ , හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ලලිත් ආර්.ද සිල්වා  සහ  විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා මෙසේද කීය.

      ‘‘අපි මේ ටෙන්ඩර් සඳහා නීත්‍ය ක‍්‍රියාවලියක් හරහා කටයුතු කළා. අපි තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කළ අතර පසුව කැබිනට් අනුමත ප‍්‍රසම්පාදන කමිටුවටද ගියා.ඉන්පසු ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවූ අතර අපි තෝරා ගත්තේ පෙට්‍රෝචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමයි. ඒ ඔවුන් අඩුම ප‍්‍රතිචාර දක්වන ලංසුකරු වූ නිසයි.සාමාන්‍යයෙන් ඇමතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් දමා අනුමැතිය ලබා ගනී. නමුත් මෙවර කිසිවක් සිදු නොවීය.

ඊට මාස කිහිපයකට පසු මෙම ටෙන්ඩර් තුන අවලංගු කිරීමේ ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ යෝජනාවක් ප‍්‍රතික්ෂේප කළ බවට දන්වන ලද ලියවිල්ලක්  කැබිනට් මණ්ඩලයෙන් ලැබුණා.

අමාත්‍යවරයාගේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති අතර ටෙන්ඩරයේ වලංගු කාලය කල් ඉකුත් වී ඇති බවත් ඉන් කරුණු හෙළි වූ බවද  ගරුසිංහ මහතා පැවසීය.

මේ අනුව ඉන්ධන ගෙන්වීමට කෙටි කාලීන ටෙන්ඩර් සඳහා යාමට මග පෑදූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල පාඩුවක් සිදු වූයේ යැයිද හෙතෙම වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේය.

 

 

 

 

 

 



අදහස් (3)

‘‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘‘

sana Thursday, 10 October 2019 01:26 PM

මෙහෙමයි මහත්තයෝ, තාක්ෂණික ඇගයුම් කමි‍ටුවේ නිර්දේශය, කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමි‍ටුවෙන් අනුමත වුනාට පස්සේ ඒක ඇමති ගාවට නොවේ අමාත්‍යංශ ලේකම්වරයා ලඟටයි යන්නේ, එවිට ඒ ලේකම්වරයා මඟින් තමයි කැබිනට් පත්‍රිකාව පිළියෙල වෙලා ඇමතිවරයා මඟින් සංදේශයක් ලෙස ඉදිරිපත් වෙන්නේ. ලංසු වලංගු කාලය ඉක්මවා තිබීම නිරීක්ෂණ ලෙස ඉදිරිපත් වුනා නම් ඇමතිට ඉල්ලන්න හැකියි අහෝසි කරන්න කියලා. එතකොට කැබිනට් එක කිව්වොත් එපා කියලා සංස්ථාව අදාළ ලංසු කරුවන්ගෙන් ඉල්ලන්න ඕන ලංසු වලංගු කාලය දිගු කරන්න කියලා. ඒ ලංසුකරුවන් එයට එකඟ නොවුනොත් ආයේ ලංසු කැඳවන්න වෙනවා.

:       250       44

Prabha Thursday, 10 October 2019 02:47 PM

හොද පැහැදිලි කිරීමක්.

:       2       0

Saman liyanage Friday, 11 October 2019 06:17 AM

අපි දේශපාලකයින්ට පලු යන්න බනිනවා හොරකම් කරනවා කියලා. මේ හොරකම් සහ වංචා බොහොමයකට වග කියන්න ඕන දේශපාලකයින් විතරක් නෙවෙයි අමාත්‍යංශ ලේකම්ලා ඇතුළු ඉහල නිලධාරී පැලැන්තිය. මේ හොරු ටික රට මොන දේශපාලන පක්ෂයට ගියත් තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් කඩේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site