(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකාවට ඉරානයෙන් ආනයන කරන ලද ඛනිජ තෙල් සඳහා ගෙවීමට ඇති ඇමරිකන් ඩොලර් මිලියන 250 ක් සිලෝන් ටී ආයතනයෙන් පියවීමේ නව හුවමාරු ගෙවීමේ ක්‍රමයක් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක හා මහා මාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂිම් යන මන්ත්‍රීවරු පිරිසක් විසින් ප්‍රථම වතාවට අද (19) හදුන්වා දෙනු ලැබූහ.
කොල්ලුපිටිය ශ්‍රී ලංකා තේ මණ්ඩල ශ්‍රවණාගාරයේදී තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳව අනාවරණය කළහ.
ඒ අනුව සෑම මසකට වරක්ම ඉරානයට තේ අපනයනය වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාව ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ඩොලර් මිලියන 5 ක් ලබා දීමටද තීරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අනාගතේ තේ අපනයනය කරලා ලැබෙන සල්ලි වලටත් තව අවුරුදු ගානක් යනකල් පොල්ල තියල තමයි යන්න යන්නේ.
මෙය ලංකාවේ මුදල් පිටරට යෑමට වගේම තේ වලට බලපා ඇති නරක දසාව නැති කිරීම සඳහාත් ගත් හොඳ හුවමාරු යෝජනාවක්...